gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඒකාබද්ධ විපක්ෂයේ අලුත්ම අර්බුදය මෙන්න

ඒකාබද්ධ විපක්ෂය දැඩි අර්ථික අර්බුදයකට මුහුණ දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී  රංජිත් ද සොයිසා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ දේශපාලන රැස්වීම් සංවිධාන කිරිමේදී මෙම ගැටලුව උග‍්‍ර ලෙස මතුවන බවයි.

ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් පළාත් මට්ටමින් රැස්වීම් මාලාවක් සංවිධාන කිරීමට ඒකාබද් විපක්ෂය තීරණය කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියා.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීම සඳහා යම් යම් තීන්දු තීරණවලට එළඹෙමින් සිටින බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

එහිදී "පක්ෂ නායකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා පහර එල්ල කරන්නෙත් ලංකා නිදහස් පක්ෂයේම කණ්ඩායමකටයි. ඔහු එක්සත් ජාතික පක්ෂයට කිසිම බලපෑමක් කරන්නේ නැහැ. ඒ තත්ත්වය තුල දුර්වල වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. ඒ හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂය හැටියට අපි යම් යම් තීන්දු තීරණවලට එළඹෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා." යනුවෙන්ද සඳහන් කළා.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka