gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විද්‍යා දැරියගේ ඝාතකයින් වෙත පලායාමට සහය දුන් ‘ශ්‍රිගජන්‘ට කළ දේ

යාපනය, කයිට්ස්, පුංකුඩිතිව් ප්‍රදේශයේදී දුෂණය කර ඝාතතනයට ලක්වු ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතකයින් වෙත පලායාමට සහයෝගය දුන් උප පොලිස් පරීක්ෂක ශ්‍රිගජන් නමැති නිලධාරියාගේ සේවය අත්හිටුවා ඇති බව පොලිස්පති පූජිත ජයසුන්දර පවසනවා.

පොලිස්පතිවරයා ඊයේ (31) යාපනය ප්‍රදේශයේ සිදුකළ සංචාරයේදී විද්‍යා
දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සිදුකල තොරතුරු විමසීමේදී මේ බව කියා සිටියා.

විද්‍යා ඝාතන නඩුවට අදාලව මහාධිකරණයේ විභාග වන නඩු විභාගයේදී ලබාදුන් සාක්ෂි හමුවේ ප්‍රකාශ වු කරුණු පාදක කර ගනිමින් ශ්‍රිගජන් නිලධාරියා අත්අඩංගුවට ගනු ලැබුවා.

දැරියගේ ඝාතනයට සම්බන්ධ ස්විස් කුමාර් නමැත්තාට පලායාමට හිටපු ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහගේ උපදෙස් පරිදි ශ්‍රිගජන් නිලධාරියා උපකාර කර ඇති බව සාක්ෂිකරුවන් අධිකරණය හමුවේ පවසා තිබෙනවා.

අදාල නිලධාරියා සම්බන්ධයෙන් තොරතුරු අධිකරණය හමුවේ ඉදිරිපත්වීමෙන් අනතුරුව ඔහු විදේශ ගතවීමටද උත්සහගෙන තිබු බවට ආරක්ෂක අංශ පවසනවා.



ලංකාවේ හොට්ම නිව්ස් එසැනින් දැන ගන්න පහත ඇති Like Button එක Click කර අපගේ faceBook ජාලයට එකතු වන්න.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka