gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මේ පාර පාසැල් නිවාඩුව මාසෙකට වැඩියි

දෙවන පාසල් වාරය මේ මස 04 වන සිකුරාදා දිනයෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

තෙවන පාසල් වාරය සැප්තැම්බර් මස 06 වන බදාදා දිනයේ ආරම්භ වන බව එම අමාත්‍යංශය සඳහන් කරයි.

උසස් පෙළ 08 ඇරඹේ-ශිෂ්‍යත්වය 20 වනදා

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන 08 වනදා ආරම්භ වන අතර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 20 වනදා පැවැත්වීමට නියමිතය.

මේ අතර මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළව  උපකාරක පන්ති පැවැත්වීම හෙට (02දා) මධ්‍යම රාත්‍රී 12.00 සිට තහනම් ය.

විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර මහතා සඳහන් කළේ උසස් පෙළ විභාගය අවසන් වන සැප්තැම්බර් මස 02 වනදා දක්වා මාසයක කාලයක් එම තහනම ක්‍රියාත්මක බවයි.

එම කාලය තුළ උපකාරක පන්ති සංවිධානය කිරීම, පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම මෙන්ම විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, බෙදාහැරීම හා විභාග ප්‍රශ්න පත්‍ර ලබා දෙන බවට පෝස්ටර්, බැනර්, අත් පත්‍රිකා, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීමද තහනම් වෙයි.

යම් පුද්ගලයෙකු හෝ ආයතනයක් විභාග දෙපාර්තමේන්තුව ලබා දෙන මෙම නියෝග නොසලකා කටයුතු කලහොත් ඔවුන්ට එරෙහිව විභාග පනත යටතේ නීතිය ක්‍රියාත්මක කරන බව විභාග කොමසාරිස් ජනරාල්   ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර මහතා පැවසුවේය.

 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල  ඔක්තෝබර් මස 05 වනදාත් උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල දෙසැම්බර් මස 27 වනදාත් නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පසුගියදා ප්‍රකාශ කළේය.




ලංකාවේ හොට්ම නිව්ස් එසැනින් දැන ගන්න පහත ඇති Like Button එක Click කර අපගේ faceBook ජාලයට එකතු වන්න.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka