gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොටි සංවිධානයට වැඩිම හානිය කළ නාවික හමුදා හිරේ…

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ස මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

පදනම් විරහිත චෝදනා නගමින් අත්අඩංගුවට ගත් කොමදොරු ඩීකේපී දසනායක මේ ආණ්ඩුවේ රණවිරු දඩයමට ගොදුරු වුණු ජ්‍යෙෂ්ඨතම නිළධාරියා. නාවික හමුදාවේ කොමදෝරු කියන්නේ යුද හමුදාවේ බ්‍රිගේඩියර් තනතුරට සමාන නිලයක්.
රණවික්‍රම රණශූර උත්තම සේවා පදක්කම් ලාභි කිසිම චෝදනාවකට ලක් නොවුණු නිළධාරියෙක්. මොහු යුද සමයේ නාවික හමුදාව බිහි කළ විශිෂ්ටතම නිළධාරියෙකු ලෙස ගෞරවයට පාත්‍ර වුණා. නාවික හමුදා ඉතිහාසයේ යුද බිමේ පෙන්වූ දක්ෂතා මත විශේෂ උසස්වීම් ලැබුණු නිළධාරින් ඉන්නේ හය දෙනායි. කොමදොරු දසනායක එක් අයෙක්. චන්ද්‍රිකා කුමාරණතුංග මැතිණියද ඇතුළු ජනාධිපතිවරු දෙදෙනෙක් නාවික හමුදාපතිවරු හතර දෙනෙක්ගේ සුවිශේෂී ඇගයීමට දසවරක් ලක් වු නිලධාරියෙක්.

කොටි සංවිධානයට වැඩිම හානිය කළ නාවික හමුදා නිළධාරියා කවුදැයි මගෙන් ඇසුවොත් මට කියන්න පුළුවන් එක නමක් තමයි කොමදෝරු දසනායක.

මේ නිළධාරියා දන්නෙත් නැති දැක්කෙත් නැති කිසිම සම්බන්ධයක් නැති අතුරුදහන්වීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට අරන් රක්ෂිත බන්ධනාගාර ගත කළා. පැහැදිලිවම දෙමළ බෙදුම්වාදින් මේ ආණ්ඩුව යොදා ගෙන කොටි පරාජය කළ රණවිරුවන්ගෙන් පලි ගන්නවා. මේ ගමන මේ විදිහට තව දුරටත් ගියොත් අනාගත යුධ අවශ්‍යතාවයකදී සිය සැමියා දරුවා රට වෙනුවෙන් යුධ බිමට යවන්න බිරින්දෑවරු මව්වරු පැකිලෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා දැන් වත් මේ පහත් රණවිරු දඩයම නතර කරන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා.

ඉස්සර ගෙවල්වල ගහලා තිබුණා බාල ගිරි දෝශය අද නොවේ හෙට කියලා. දැන් මැතිවරණයත් එහෙමයි. ෆයිසර් මුස්තාපා අමාත්‍යතුමන් දැන් වසර දෙකක් තිස්සේම මැතිවරණ වලට දින දෙනවා. අපි මේ ආණ්ඩුවටත් මැතිවරණ කොමිසමටත් ඉතාම වගකීමෙන් කියනවා. මේ දක්වාම ඔබ දින දුන්නා. ඔක්තෝම්බර් මාසයේ මැතිවරණ පැවුත්වුයේ නැතිනම් අපි ආණ්ඩුවට අවසාන දිනය දෙනවා.

ඒ දිනයට මැතිවරණ පැවැත්වුයේ නැතිනම් අපි ජනතාව එක්ක පාරට ඇවිත් පාරේ උයාගෙන කාලා පාරේ පදිංචිවෙලා මැතිවරණය දෙන තුරු රැදී ඉන්නවා. මැතිවරණය අරගෙන තමයි ආයේ ගෙදර යන්නේ. පුළුවන්නම් ඔය කදුළු ගෑස් ජල ප්‍රහාර එල්ල කරලා අර ගාළු මුවදොර පිටියට රැස්වෙච්ච මහජන ගග වගේ ජන ගගක් හරවලා ගෙදර යවන්න උත්සහ කරන්න. අපි ආණ්ඩුවට මතක් කරනවා අපිත් එක්ක පාරට බහින ජන ගග ගෙදර යවන්නට නම් මුළු හමුදාවෙම වෙඩි උණ්ඩත් ප්‍රමාණවත් නෑ.

– අරවින්ද අතුකෝරල


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka