වයස අවුරුදු 14ක සහ 15ක සිසුවියන් දෙදෙනෙකු රවටාගෙන ගොස් බරපතල ලිංගික අපයෝජනයට ලක්කර බව කියන පුද්ගලයින් දෙදෙනෙක් පසුගියදා අත්අඩංගුවට ගැනීමට ගිරිඋල්ල පොලීසියට හැකිව තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 17 හැවිරිදි නිවුන් සහෝදරයින් දෙදෙනෙකු බවයි වාර්තා වන්නේ.
අදාළ දැරියන් දෙදෙනා අවස්ථා කිහිපයකදී සැකකාර සහෝදරයින් දෙදෙනා අතින් අපයෝජනය වී ඇති බවට
තොරතුරු අනාවරණය වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් එම සිසුවියන් දෙදෙනා ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිවරයාට සැලවීමත් සමග මේ පිළිබඳව පොලිසියට පැමිණිල්ලක් සිදු කර ඇති බවයි සදහන් කළේ.
සිදුවීම සැලවීමත් සමග ගිරිඋල්ල පොලිසිය සහ පිරිසක් විසින් නිවසට ගොස් අදාල නිවුන් සහෝදරයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝග කර ඇති අතර අපයෝජනයට ලක්වූ සිසුවියන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කර තිබෙනවා.
පාසල් සිසුවියන් දෙදෙනෙකු රවටා නිවුන් සොහොයුරන් දෙදෙනා කරපු අපරාධය
2017-07-04T15:53:00+05:30
Gossip Lanka Hot News