gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලංකාවේ ක්‍රිකට් උඩට ගන්න අපේම කෙනෙක් එන හැඩයි – බංග්ලාදේශය රත්වෙයි

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන චන්දික හතුරුසිංහ මහතා ලබන ඔක්තෝබර් මුල් සතියේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරෙහි රාජකාරි භාර ගැනීමට පූර්ව සූදානමකින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කර සිටියි.

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය අතරතුරදී ප්‍රථමයෙන්ම මේ පිළිබදව නිල නොවන මට්ටමින් සාකච්ඡා කර තිබෙන නමුත්, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට
අත්වී තිබෙන ඉරණමත්, එය ගොඩ ගැනීම සදහා හතුරුසිංහ මහතා තරම් ජගතකු නොමැති බවත් ඒකමතිකව තීරණය කර ඇති ක්‍රිකට් බලධාරීහු ඒ මහතාගේ සේවය ලබා ගැනීම පිළිබදව දැඩි ස්ථාවරයකට පැමිණ තිබේ.

ඒ අනුව කරන ලද සාකච්ඡා සාර්ථක වීමත් සමග හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර භාර ගැනීම පිළිබදව තම කැමැත්ත පළ කර තිබෙන බව කියැවේ.

කෙසේ වෙතත් හතුරුසිංහ මහතා සහ බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය අතර අත්සන් තබා තිබෙන ගිවිසුමට අනුව සිය ධූරයෙන් ඉවත්ව යෑමේදි අවම වශයෙන් මාස 3ක කාලයකට පෙර එරට ක්‍රිකට් ආයතනය දැනුවත් කළ යුතු බව පැහැදිලිවම සදහන්වී තිබීම, හතුරුසිංහ මහතාගේ පැමිණීම ඔක්තෝබර් මස තෙක් කල් යෑමට හේතුවී තිබේ.

සදහන් වන ආකාරයට ග්‍රැහැම් ෆෝඩ් මහතා ශ්‍රී ලකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුරින් ඉල්ලා අස්වූ බව සනාථ කෙරෙන ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යැවීමත් සමග සිය ඉල්ලා අස්වීමේ ලිපිය හතුරුසිංහ මහතා විසින් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට භාරදී තිබේ. එම ගිවිසුමට අනුව ලිපිය භාර දුන් දින සිට මාස 3ක කාලය ලබන සැප්තැම්බර් මස අවසන් සතිය වන විට සම්පූර්ණ වන බවත් මේ පිළිබදව  අදහස් දැක්වූ ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු සදහන් කර සිටියේය.

මේ අතර මේ පිළිබදව අදහස් දක්වා සිටින බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රධානී නස්මුල් හසන් මහතා පවසා ඇත්තේ බංග්ලාදේශ පුහුණුකරු ධූරයෙන් හතුරුසිංහ මහතා ඉවත්ව යන බවට පැතිර යන ප්‍රවෘත්ති සියල්ල අසත්‍ය බවත්, 2019 වසර තෙක් එම ධූරයේ කටයුතු කිරීම වෙනුවෙන් හතුරුසිංහ මහතා කොන්ත්‍රාත් ගතව සිටින බවත්ව. “කාට හරි ඔහුව පුහුණුකරු තනතුරකට ගන්න ඕන වුණාට ඒ ගැන අපි සහ ඔහු අතර කිසිම සාකච්ඡාවක් සිද්ධ වෙලා නැහැ. අපිට විශ්වාසයි ඔහු 2019 ලෝක කුසලාන තරගාවලිය තෙක් අපි සමග සිටියි කියලා” යැයි බංග්ලාදේශ ක්‍රිකට් සභාපතිවරයා පවසා ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka