ප්‍රථම වතාවට කොලෙස්‌ටරෝල් රහිත කිකිළි බිත්තර හඳුන්වා දීමට පොලොන්නරුව මහවැලි ගොවීන් සමත් වී තිබේ.
ඒ අනුව සිරුරට අහිතකර කොලෙස්‌ටරෝල් රහිත බිත්තර මහවැලි බී
ගොවි පවුල් විසින් හඳුන්වා දී ඇති අතර කිකිළියන්ට ලබාදෙන රතු නිවුඩ්ඩ සහිත ආහාර පාලනය කිරීම මගින් මෙම බිත්තර නිපදවා ඇතැයි මහවැලි සංවර්ධන අමාත්‍යාංශ නිලධාරියෙක් කීය.
එම ආහාරවල ඇති මොනකොලික්-කේ නමැති රසායනිකය පාලනය කිරීමෙන් මෙම බිත්තර ලබා ගත හැකි අතර මෙම එක් බිත්තරයක් රුපියල් 50 කට අලෙවි කිරීමට හැකි බව ද හෙතෙම සඳහන් කළේය.
මෙම බිත්තර ජාත්‍යන්තර වෙළෙඳපොළට ද හඳුන්වා දීමට ද අමාත්‍යාංශය කටයුතු කරන බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
(දිවයින)
කොලෙස්‌ටරෝල් රහිත බිත්තරයක් පොලොන්නරුවෙන් සොයා ගනී
2017-07-04T12:11:00+05:30
Gossip Lanka Hot News