gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මවට උවැටන් කරන 13 හැවිරිදි බෝසත් පුතා

එක පාදයක් අහිමි සිය මවට ඇප උපස්ථාන කරගෙන ඉතා දුකසේ ජිවත්වන දරුවෙකු ගලේවෙල කරවිල වැල් යාය ප්‍රදේශයේදී සිටින බව වාර්තාවේ.

කේ .ජි .සුදේශ් කුමාර (13)නම් වූ මේ පුංච් දරුවාගේ මව වන අයි .ජි .සමන්ති කුමාරි (39) මහත්මියගේ හදිසියේ එක පාදයක් ඉවත් කිරීමට සිදුව ඇත .

සිය පියා වන පි .කේ .ජි .සුනිල් (68) මෙම දේපල ජිවත් කරවන්නට කොළබ ප්‍රදේශයේ අත් උදව් කරුවෙකු
ලෙස සේවය කරනු ලබන අතර  පුංච් සුදේශ් පියා නොමැති වුවද සිය මව ඇස්දෙක වගේ රැකබලා ගනිමින් උයා පියා කන්න දෙමින් මවගේ රෙදිපිළි සෝදා දෙමින් අම්මාගේ කැත කුණු පවා අදිමින් මව රැකබලා ගනී .

මෙම දරුවා මොරගොල්ල පාසලේ 8වසරේ ඉගෙනුම ලබන අතර උදේ හතරට අවදිවන දරුවා මවට හා ඔහුට ආහාර පිස මවගේ සියලු දේ ඉටු කොට පාසලට යාම සිදුකරයි.

මේ පවුලේ පිරිස ජිවත් වූ කටුමැටි ගසා තුබූ නිවාස කඩා වැටි ඇති අතර දැනට තාවකාලිකව ජිවත් වන්නේ සුනිල් ගේ සහෝදරයෙක්ට අයත් කුඩා නිවසකය . මෙම දරුවාගේ අනාගත බලාපොරොත්තුව වන්නේ දොස්තර කෙනෙක් වීමය ,ඒ තම මව මෙන් අසරණව සිටිනා රෝගීන් සුවපත් කිරීමේ අධිටනෙනි

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka