gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බැංකු රැකියා පෙන්වා මුදල් ගරන ජාවාරමක් ගාල්ලේ

උසස් පෙළ සිසුන්ට එක්තරා පෞද්ගලික බැංකුවක නම සදහන් කොට එහි රැකියා අවස්ථා ලබාදිය හැකි පවසා එම සිසුන්ගෙන් වංචනික ලෙස මුදල් ලබාගැනිමේ ජවාරමක් පිළිබද ගාල්ල පොලිසිය විසින් පරික්ෂණයක් ආරම්භ කොට තිබේ.

යම් කිසි පුද්ගලයකු විසින් මේ පෞද්ගලික බැංකුවේ නම සදහන් කරමින් එහි ශාඛාවක් ගාල්ල නගරයේ ආරම්භ කරන බවත් එම නිසා එම
බැංකුවේ රැකියා අවස්ථා ලබාදිය හැකි බවත් ගාල්ල නගරයේ පිහිටි ජනප්‍රිය පාසල් කිහිපයක විදුහල්පතිවරුන්ට දුරකථනයෙන් කථාකොට දැනුම් දි ඇත. කැමති සිසුන්ට අමතන ලෙස දුරකථන අංකයක්ද ලබා දි ඇත.උසස්පෙළ සිසුන් එම දුරකථන අංකයට ඇමතිමෙන් පසු ඇප මුදල් වශයෙන් රුපියල් 43000ක මුදලක් තැන්පත් කරන ලෙස ගිණුම් අංකයක් ලබා දි ඇත.

මේ අයුරින් දිවයිනේ විවිධ ප්‍රදේශවල උසස්පෙළ සිසුන් 40කට වැඩි පිරිසක් ලබා දුන් ගිණුම් අංකයට මුදල් තැන්පත් කොට තිබේ. මේ ගැන අදාළ පෞද්ගලික බැංකුවේ සහකාර කළමනාකරු විසින් ගාල්ල පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කොට ඇත. තම බැංකුවේ නම සදහන් කරමින් මුදල් වංචා කිරිම පිළිබද දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වි ඇති බැව් ඔහු පොලිසියට කළ පැමිණිල්ලේ සදහන් වේ.

මේ අයුරින් උසස්පෙළ සිසුන්ගෙන් ලක්ෂ 17ක පමණ මුදලක් වංචාකොට ඇති බවද පැවසේ.ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන ගලප්පත්ති මහතාගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ජයන්ත කරුණාදාස මහතා විසින් පරික්ෂණ පවත්වයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka