gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දැරිය ගැටුණු ටිපර් රථය ගිනි තැබූවැයි 41 ක් රිමාන්ඩ්

නානුඔය කහ ඉරක් මතදී පාසැල් සිසුවියක ටිපර් රථයකට යටවි මිය යාමෙන් අනතුරුව නගරයේ සිදුවූ කලහකාරි සිදුවීම් සම්බන්ධයෙන්   අත්අඩංගුවට ගනු ලැබූ 41 දෙනකු ලබන 18 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් ඉන්දික රුවන් ද සිල්වා මහතා ඊයේ (04) නියෝග කළේය.

ඉකුත් 15 වැනි දා නානුඔය නගරයේ කහ ඉරක් මත දී ටිපර් ලොරියකට යටවී නානුඔය ජේම්ස් පීරිස් විදුහලේ ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලැබු
දැරියක් මියගියාය. ඉන්පසු පිරිසක් ටිපර් රථය ගිනිතැබු අතර ඔවුන් පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා නුවරඑළිය හැටන් මාර්ගය අවහිර කරමින් නානුඔය නගරයේ උද්ඝෝෂණයක නරත වූයේ මෘතදේහය ඈ මියගිය තැනම තබාගනිමිනි.


රිය අනතුරට පසු ඇති වු කලහකාරි තත්වයට සම්බන්ධ යැයි සැකපිට 6 දෙනකු මීට පෙර රිමාන්ඩ් කෙරිණි. ඊයේ අධිකරණයේ පෙනී සිටින ලෙස තවත් 35 දෙනකුට නොතිසී නිකුත් කර තිබූ අතර එලෙස අධිකරණයේ පෙනි සිටි 35 දෙනා හා මීට පෙර රිමාන්ඩ් කරනු ලැබ සිටි හය දෙනා මෙලෙස රිමාන්ඩ් කරනු ලැබූහ.

නානුඔය දි ගිනිතැබු ලොරියේ කොටස් කිහිපයක් රස පරීක්ෂක වෙත යවා වාර්තාවක් ලබා ගැනීමට නුවරඑළිය අපරාධ පරීක්ෂක අංශය කළ ඉල්ලීමට මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නේය.

(ෂෙල්ටන් හෙට්ටිආරච්චි)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka