gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලයිසන් එක ගත්තාට කොස්‌තාපල්ට කඩුවෙන් කෙටූ සෙබළා අත්අඩංගුවට

යුද හමුදා සෙබළකුගේ රියෑදුරු බලපත්‍රය පොලිස්‌ භාරයට ගැනීම නිසා උරණ වී රාත්‍රි මුර සංචාරයේ නියුතුව සිටි පොලිස්‌ කොස්‌තාපල්වරයකුට කඩුවකින් පහරදී බරපතළ තුවාල සිදුකර ඔහු සන්තකයේ තිබූ රියෑදුරු
බලපත්‍රය පැහැරගෙන පලාගිය බව කියන යුද හමුදා සෙබළකු ඇතුළු පස්‌දෙනකු වායු රයිෆලයක්‌ සමග කහටගස්‌දිගිලිය පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් පෙරේදා (03 දා) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 02 දා රාත්‍රි දහයට පමණ කහටගස්‌දිගිලිය පොලිස්‌ වසමේ රන්පත්විල හන්දියේදී එල්ල වූ කඩු ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ කහටගස්‌දිගිලිය පොලිසියේ සාමාන්‍ය රාජකාරීවල නිරත වූ ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ පදිංචි පොලිස්‌ කොස්‌තාපල් (56666) ඥනවංශ (41) මහතායි.

ප්‍රහාරය සඳහා යුද හමුදා සෙබළා සමග පොලිසියට මුදල් ලබා දෙන ආයතනයක මුදල් එක්‌කාසු කරන තරුණයකු ඇතුළු පස්‌දෙනකු පැමිණ තිබෙන බවත් ඔවුන් රන්පත්විල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබේ. සැකකාර සෙබළා රාජකාරියේ නිරත වූ පොලිස්‌ කොස්‌තාපල්වරයාට පිටුපසින් පැමිණ අහසට වායු රයිෆලයෙන් වෙඩි ප්‍රහාරය එල්ල කර කඩුවෙන් ඔහුගේ වම් පාදයට, දකුණු අතට හා නළල ප්‍රදේශයට බරපතළ කැපුම් තුවාල සිදුකර තිබෙන බව පොලිසිය පැවසුවේය.

පොලිස්‌ නිලධාරියා පෙරේදා (02 දා) රාත්‍රියේ සිවිල් ආරක්‌ෂක බළකායේ සෙබළුන් දෙදෙනකු සමග රාජකාරියේ නිරත වී සිටියදී යුද හමුදා සෙබළා තවත් අයකු සමග යතුරුපැදියෙන් හිස්‌වැසුමක්‌ නොමැතිව පැමිණ ඇත. ඒ මොහොතේ යතුරුපැදිය නවතා හිස්‌වැසුමක්‌ නොමැතිව රිය පැදවූ වරදට සැකකරුගේ රියෑදුරු බලපත්‍රය සිට භාරයට ගෙන තාවකාලික රියෑදුරු බලපත්‍ර පොතෙන් කුවිතාන්සියක්‌ පොලිස්‌ නිලධාරියා විසින් නිකුත්කර තිබෙන බව පොලිසිය පැවසුවේ ය.

ඉන්පසු සෙබළා මිතුරන් පිරිසක්‌ සමගින් යතුරුපැදිවලින් එම ස්‌ථානයට පැමිණ පොලිස්‌ කොස්‌තාපල්වරයා පිටුපා සිටියදී කඩු ප්‍රහාරය එල්ල කර ඔහු සතුව තිබූ රියෑදුරු බලපත්‍රය පැහැරගෙන යතුරුපැදිවල නැගී පලාගොස්‌ තිබේ. ප්‍රහාරය එල්ල වෙද්දී කොස්‌තාපල්වරයාගේ සහායට සිටි සිවිල් ආරක්‌ෂක බළකා සෙබළුන් දෙදෙනා මදක්‌ ඈතින් සිට ඇති බව පොලිසිය පැවසුවේ ය.

කොස්‌තාපල්වරයාට පහරදුන් සියලුම සැකකරුවන් මේ වන විට හඳුනාගෙන තිබෙන බව පොලිසිය පැවසුවේ ය.

කහටගස්‌දිගිලිය පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක උඩුමලගල මහතාගේ උපදෙස්‌ මත වැඩිදුර පරීක්‌ෂණ සිදුකෙරේ.


මිහින්තලේ - රංග චතූ, අනුරාධපුර - පර්සි කුරුනේරු
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka