මින් ඉදිරියට දුම්රිය මාර්ගයේ සිට අවදානම් සෙල්ෆි ඡායාරූප ගන්නා අය අත්අඩංගුවට ගෙන ඔවුන්ට විරුද්ධව අධිකරණය හමුවේ නඩු පවරන බව දුම්රිය ආරක්‍ෂක අධිකාරි අනුර ප්‍රේමරත්න මහතා පැවසීය.
දුම්රිය ආඥ පනතට අනුව දුම්රිය මාර්ගයේ අනතුරුදායක ලෙස ගමන්
කිරීම පවා දඬුවම් ලැබිය හැකි වරදක් බව ද ඒ මහතා කියා සිටියේය.
දුම්රිය මාර්ගයේ සිට සෙල්ෆි ඡායාරූප ලබාගැනීම තහනම් කර තිබුණ ද එම අවවාද නොතකා තවමත් ක්‍රියා කරන තරුණ පිරිස් සිටින බව ද ඒ මහතා කියා සිටියේය.
මෙම වසරේ මෙතෙක් දුම්රිය මාර්ගයේ සිට සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය පුද්ගලයන් 6 දෙනකු මියගොස් තිබේ.
-දිවයින
මින්පසු රේල් පාරේ සිට සෙල්ෆි ගැසුවොත් වෙන දේ මෙන්න
2017-07-05T13:10:00+05:30
Gossip Lanka Hot News