gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මේ වසරේ රථවාහන දඩ මුදල් වැඩිකරන යෝජනාවේ අවසන් වාර්තාව එළියට

රථවාහන  වැරදි  සඳහා අයකරන  දඩ  මුදල්  වැඩිකිරීම  සම්බන්ධයෙන් පරීක්ෂා  කිරීමට පත් කළ කමිටුවේ වාර්තාව ජනපතිට පිළිගන්වා තිබෙනවා.

ඒ අනුව මාර්ග  නීති  උල්ලංඝනයේදී  අය කරන  දඩ  මුදල්  වැඩිකිරීමේ සාධාරණත්වය  පිළිබඳව  සොයා බලා  වාර්තාවක්  සැපයීමට  ජනාධිපති
මෛත‍්‍රීපාල  සිරිසේන මහතා  පත්කළ  කමිටුවේ අවසන්   වාර්තාව   අද   (11)   පෙරවරුවේ   ජනාධිපති කාර්යාලයේදී මෙලෙස  ජනාධිපතිවරයා වෙත භාර දුන්නා.

ප‍්‍රවාහන  හා  සිවිල්  ගුවන්  සේවා  අමාත්‍යාංශයේ  ලේකම්  නිහාල්  සෝමවීර විසින්  එම වාර්තාව ජනාධිපති වෙත පිළිගන්වනු ලැබුවා.

2017  වසර සඳහා ඉදිරිපත් කළ  අයවැය යෝජනා  මගින්  මාර්ග නීති උල්ලංඝනය  අවම කිරිම හා  එමගින් මාර්ග  අනතුරු  වළක්වා  ගැනීමේ  අරමුණින්  මාර්ග  නීති 07ක්  උල්ලංඝනය  සඳහා  වන අවම දඩ මුදල රුපියල් 25000 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර තිබුණා. මේ අතර රථවාහන සඳහා අය කරන අවම දඩ මුදල රුපියල් 2500 දක්වා වැඩි කිරීමට ද යෝජනා කර තිබුණා.

එයට  විවිධ  පාර්ශ්ව  විසින්  දැක්වූ  විරෝධතා  හේතුවෙන්  ජනාධිපතිවරයා  මේ පිළිබඳව  පරීක්ෂා  කර වාර්තාවක්  සැපයීම  සඳහා    මුදල්  අමාත්‍යාංශයේ  ලේකම්  ආචාර්ය ආර්.එච්.එස්.  සමරතුංග,  ප‍්‍රවාහන හා සිවිල්  ගුවන්  සේවා  අමාත්‍යාංශයේ  ලේකම්  නිහාල් සෝමවීර,  නීතිපති  දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිස්ටර්  ජනරාල්  සෝභිත  රාජකරුණා, මෝටර්  රථ  ප‍්‍රවාහන  කොමසාරිස්  ජනරාල් ඒ.එච්.කේ.  ජගත් චන්ද්‍රසිරි  සහ  ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පති ( රථවාහන) නන්දන මුණසිංහ යන පිරිසකගෙන් යුත් කමිටුවක් පත් කළා.

ඒ අනුව එම කමිටුව විසින් සකස්කරන ලද  අවසන් වාර්තාව  මෙලෙස  අද ජනාධිපති වෙත භාරදෙනු ලැබුවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka