gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගොවීන් මාරාන්තික ගොවි සත්‍යග්‍රහකට සැරසෙයි

ග්ලයිෆොසේට් පූර්ණ වල්නාශකය නැවත ගෙන්වීමට කටයුතු කළහොත් රටපුරා මාරාන්තික ගොවි සත්‍යග්‍රහ ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ප්‍රගතිශීලී ගොවිජන සම්මේලනය සඳහන් කරයි.

කෘෂිකර්මික ප්‍රදේශවල ශීඝ්‍රයෙන් පැතිරයන වකුගඩු රෝගය ඇතිවීමට ප්‍රධාන වශයෙන් බලපා තිබෙන්නේ මෙම වල්නාශකය බව ලෝක
සෞඛ්‍ය සංවිධානය පවා තහවුරු කර ඇතැයි එම සංවිධානයේ සභාපති කවුඩුල්ලේ ජයතිස්ස මහතා සඳහන් කළේය.

මේ නිසා මෙම වල්නාශකය ගොවීන්ට බෙදාහැරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත නිකුත් කළ ගැසට් නිවේදනයකින් තහනම් කළ බවද ඔහු පවසා සිටියේය.

එහෙත් වතු සමාගම්වල අවශ්‍යතාවට අනුව රටතුළ භාවිත කිරීම සහ ගෙන්වීම තහනම් කර ඇති ග්ලයිෆොසේට් වල්නාශකය නැවත ගෙන්වීමට උත්සාහ ගනිමින් සිටින බවද අද (11දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka