gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සිම්බාබ්වේ තරඟය පැරදුනාට පස්සේ ශ්‍රී ලංකාව වැටුණු තැන අධි අවධානම්

සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැති එක්දින තරගාවලිය 2-3 ක් ලෙස පරාජයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ශ්‍රේණිගත කිරීම්හී ප්‍රසාද ලකුණු 5 ක් අහිමිකර ගනිමින් අතිශය අවදානම් කලාපයකට ඇද වැටී තිබේ.

තරගාවලිය ආරම්භයට පෙර ප්‍රසාද ලකුණු 93 ක් හිමිකරගෙන සිටි ශ්‍රී ලංකා පිල සතුව දැනට ඇත්තේ ප්‍රසාද ලකුණු 88 ක් පමණි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ශ්‍රේණිගත ස්ථානයට බලපෑමක් ඇති නොවූයේ තරගාවලිය ආරම්භ වන විට 9 වැනි ස්ථානයේ සිටින බටහිර ඉන්දීය කොදෙව් පිල ප්‍රසාද ලකුණු 15 ක් ඈතින් සිටි බැවිනි.

වත්මන් තත්ත්වයේ ඇති බරපතළකම වන්නේ 2019 ලෝක කුසලාන තරගාවලියට නිරායාසයෙන් සුදුසුකම් ලබාගැනීමට නම් මේ වසරේ සැප්තැම්බර් මස 30 වැනිදා වන විට එක්දින අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ පළමු 8 දෙනා අතර ස්ථානයක් රැකගත යුතු වීමයි.

සැප්තැම්බර් මස 30 වැනිදාට පෙර ශ්‍රී ලංකාව සහ ඉන්දීයාව අතර එක්දින තරග පහක් පැවැත්විමට නියමිතව ඇති අතර බටහිර ඉන්දීය කොදෙව් පිලට එංගලන්තය සමගින් එක්දින තරග පහක්ද සහ අයර්ලන්තය සමගින් එක්දින තරගයක් පැවැත්විමට නියමිතව ඇත.

යම් හෙයකින් ශ්‍රේණිගත ලයිස්තුවේ ඉදිරියෙන් සිටින එංගලන්තයට එරෙහිව විශාල ජයක් ලබාගැනීමට කොදෙව් පිල සමත් වූවහොත් දැනට ලබා සිටින ප්‍රසාද ලකුණු 78 ට තවත් ලකුණු එකතු කරගැනීමේ අවස්ථාව කොදෙව් පිලට තිබේ.

ශූරයන්ගේ කුසලාන තරගාවලිය අවසානයේ මාධ්‍යයට අදහස් දක්වමින් “සිම්බාබ්වේ පිලට එරෙහිව තරගාවලිය 5-0 ක් ලෙසින් දිනලා ඊට පස්සේ ඉන්දියාවත් එක්ක තියෙන තරගාවලිය ජයගත්තොත් අපට හිතේ බයක් නැතිව ඉන්න පුළුවන්..” යයි අසංක ගුරුසිංහ මහතා පැවසුවද, නොසිතූ අකාරයෙන් සිම්බාබ්වේ තරගාවලිය පරාජයට පත්වීමත් සමගින් බටහිර ඉන්දිය කොදෙව් පිල සහ ශ්‍රී ලංකාව අතර ප්‍රසාද ලකුණු පරතරය 10 දක්වා අඩුවී තිබේ.

ශ්‍රී ලංකාව මෙවර සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ ලද පරාජයට පෙර එක්දින ශ්‍රේණිගත කිරීම් අතරේ පහළ ස්ථානයක රැඳී සිටි බටහිර ඉන්දිය කොදෙව්, බංග්ලාදේශය සහ සිම්බාබ්වේ කණ්ඩායම් හමුවේ තරගාවලියක් පරාජයට පත්වී නොමැත. 2017 වසර තුළදී ශ්‍රී ලංකාව එක්දින තරග 16 කට සහභාගිවී තරග හතරක් ජයගැනීමට සමත්වී ඇති අතර තරග 11 ක් පරාජයට පත්වී ඇත. එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් විය.

අවසන් වරට ශ්‍රී ලංකාව තුළ පැවති තරගාවලි තුනකදී ජයග්‍රහණ වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාවක් හිමිනොවූ අතර ඕස්ට්‍රේලියාව සමගින් පැවැති තරගාවලිය 1-4 ක් ලෙස පරාජයට පත්විය. බංග්දේශය සමගින් පැවැති තරගාවලිය 1-1 ක් ලෙස සමකරගත් ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ හමුවේ 2-3 ක් ලෙස තරගාවලිය පරාජයට පත්විය.

ප්‍රසාද ලකුණු 46 ක් හිමිකර ගනිමින් එක්දින ශ්‍රේණිගත කිරීම්හී 11 වැනි ස්ථානයේ පසුවූ සිම්බාබ්වේ කණ්ඩායම තරගාවලිය අවසන් වනවිට ප්‍රසාද ලකුණු 6 ක් හිමිකර ගනිමින් මුළු ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 52 දක්වා වැඩිකර ගත්තේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka