gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තුනම දින්නොත් ලංකාවට ලැබෙන තැන

ලොව අංක 1 ටෙස් කණ්ඩායම වන ඉන්දීය කණ්ඩායම සමග හෙට (26දා) ආරම්භ වන තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ජය ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුවහොත් ලොව ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ පැහැදිලිවම ඉහළ ස්ථානයක් අත්කර ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිව තිබේ.

ප්‍රසාද ලකුණු 92ක් ලබා ශ්‍රේණිගත කිරීම් හි 7 වැනි ස්ථානය් රැදී සිටින ශ්‍රී
ලංකා කණ්ඩායම තරගාවලිය 3-0ක් ලෙස ජය ගැනීමට සමත් වුවහොත් ප්‍රසාද ලකුණු 101ක් හිමිකර ගනිමින් අදාළ ශ්‍රේණිගත කිරීමේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට අවස්ථාව උදාවනු ඇත.

එමෙන්ම තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 99 දක්වා ඉහළ යන අතර එහිදී ශ්‍රේණිගත කිරීමේ සිවුවැනි ස්ථානය දක්වා ඉහළ ඒමට අවස්ථාව උදාවේ. තවද තරගාවලිය 1-0ක් ලෙස සමව අවසන් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුවහොත් පිළිවෙළින් ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි සහ හයවැනි ස්ථානවලට පත්වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට උදාවී තිබේ. නමුත් ශ්‍රී ලංකාව හමුවේ ඉන්දීය කණ්ඩායම 1-0ක් ලෙස හෝ පරාජයට පත් වුව හාත් ලොව අංක 1 ටෙස්ට් කණ්ඩායම ලෙසින් දරා සිටින කිරුළ ඉන්දීය පිලට අහිමි වන අතර, දෙවැනි ස්ථානයේ පසුවන දකුණු අප්‍රිකාව පළමු ස්ථානයට පැමිණෙනු ඇත.

කෙසේ වෙතත් තරග 3ම ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාව පරාජයට පත්වුවද දැනට සිටින 7 වැනි ස්ථානයේ කිසිදු වෙනසක් සිදු නොවන නමුත්, ප්‍රසාද ලකුණු සංඛ්‍යාව පමණක් ලකුණු 2කින් අඩුවනු ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka