ශ්‍රී ලංකා පිල සංචාරක සිම්බාබ්වේ පිල පරාජයට පත්කරමින් කඩුලු 08ක ජයක් අත්කර ගැනීමට හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනයේදී ඊයේ (06) සමත්විය.
මේ අනුව දෙරට අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් පැවැති තරග තුනෙන් තරග දෙකක් ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය.
ලකුණු 311 ක ජයග්‍රාහී ඉලක්කයක් පසුපස හඹා ගිය ශ්‍රී ලංකා පිලට ප්‍රබල ආරම්භයක් ලබාදීමට ආරම්භක පිතිකරු යුගලය වන නිරෝෂන් දික්වැල්ල හා ධනුෂ්ක ගුණතිලක සමත්වූහ.
නිරෝෂන් හා ධනුෂ්ක දෙදෙනාම ශතක වාර්තා කිරීමට සමත්වූ අතර ඔවුන් අතර පළමු කඩුල්ලට ගොඩනැගුණු සබඳතාව ලකුණු 229ක් විය.
නිරෝෂන් පන්දු 116කදී හතරේපහර 14ක් සමඟ ලකුණු 102ක් ලබාගත් අතර ධනුෂ්ක පන්දු 111කට මුහුණදෙමින් එක් හයේපහරක් හා හතරේ පහර 15ක් සමඟ ලකුණු 116ක් රැස් කළේය.
නිරොෂන් හා ධනුෂ්කගෙන් ශතක සමඟ ලංකාවට කඩුලු 08ක ජයක්
2017-07-07T08:20:00+05:30
Gossip Lanka Hot News