gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තරඟ නැති නිසා ලංකාව ඉන්දියාවට?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අතර තරඟාවලියක් ඉන්දියාවේදී පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය යොමුව තිබේ. 

ඒ ඔක්තෝබ‍ර් සිට දෙසැම්බර් දක්වා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට තරගාවලි නොමැති වීම හේතුවෙනි.

ඔස්ට්‍රේලියා කණ්ඩායම ඔක්තෝබර් මාසයේදී ඉන්දියාවේ තරගාවලියක නිරත වීමට තිබුණත් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය හා ක්‍රීඩකයන් අතර ක්‍රීඩක ගෙවීම් සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වය මත එම තරගාවලිය පැවැත්වීම අවනිශ්චිත වී තිබේ.

ශ්‍රී ලංකාවට අමතරව නවසීලන්ත කණ්ඩායමද ඉන්දියාවට කැඳවා ගැනීමට ඉන්දියාවේ අවධානය යොමුව තිබේ.

තරගාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මෙන්ම නවසීලන්තයද  ධනාත්මක ප්‍රතිචාර දක්වා ඇත.

ශ්‍රී ලංකාව හා පැවැත්වන තරගාවලියට සීමිත පන්දුවාර තරගාවලියට අමතරව ටෙස්ට් තරගාවලියක්ද පැවැත්වීම කෙරෙහි අවධානය යොමුව තිබේ.

ඉන්දිය කණ්ඩායම මේ මස අවසානයේදී ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට එක්වීමට නියමිතය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka