gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයෙන් පසු මැතිව්ස්ට දඩ කන්න වූ හැටි

සිම්බාබ්වේ කණ්ඩායම සමග ඊයේ (06) පැවති එක්දින තරගයේදී නියමිත කාලය තුල පන්දුවාර ගණන සම්පුර්ණ නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස්ට දඩයක් පැනවීමට තරග තීරකයන් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව තරගයට හිමිවිය යුතු තරග මුදලින්  20% ක දඩයක් මැතිව්ස්ට පැනවෙනු ඇති.

කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන්ට තරග මුදලින් 10% ක දඩයක් පැනවීමටයි තීරණය වී ඇත්තේ.


එමෙන්ම ඉදිරි වසරක කාලය තුළ සිය නායකත්වය යටතේ එක්දින තරගයක අඩු පන්දුවාර වේගයක් රඳවා ගත හොත් මැතිව්ස්ට තරග තහනමකටද ලක්වීමට සිදුවනවා.

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ඊයේ (06) සුරියවැව ක්‍රීඩාංගණයේ පැවති තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 8 ක ජයක් හිමිවුනා.

දෙරට අතර හතරවන එක්දින තරගය ලබන සෙනසුරාදා සුරියවැව ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka