මුලතිව් දිස්ත්‍රීක්කයට මේ දින වල බලපා ඇති දැඩි පෑවිල්ල හේතුවෙන් නන්දිකඩාල් කලපුව ඇතුලු කුඩා කලපු සිඳී යාමත් සමග කලපු ආශ්‍රිතව ධීවර කර්මාන්තයේ යෙදුනු ධීවර පවුල් 4800 ක් පමණ දෙනා පීඩාවන්ට පත්ව සිටින බවට එම ධීවරයින් කියාසිටිති.
වෙනත් වසර වලට වඩා මෙවර නන්දිකඩාල් කලපුවේ එක් පැත්තක් සම්පූර්ණයෙන්ම සිඳී ගොස් ඇති අතර කලපුවේ ඉතිරි ජල මට්ටමද සීග්‍රෙයන් සිඳී යිමින් පවතින අතරම නන්දිකඩාල් කලපුව අවට පිහිටි කුඩා කලපු කිහිපයක්ද සම්පූරණයෙන්ම සිඳී ගොස් ඇත.
පසුගිය දිනයන්හි නන්දිකඩාල් කලපුවේ මසුන් දහස් ගණණක් මිය ගියේද අධික පෑවිල්ලත් සමග කලපුවේ
ජලය උණු වීම නිසා බවටද මාළුන් විශාල ප්‍රමාණයක් එකවර මියයාමත් නිසා සිය මත්ස්‍ය කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වූ බවටද එම ධීවරයින් පවසති.
කෙසේ වෙතත් පවතින දැඩි නියං තත්වය හේතුවෙන් කලපු ජලය අඩුවීමත් නිසා මසුන් වෙළඳාම අඩුවීම නිසා සිය ආර්ථිකයටද දැඩි බලපෑමක් ඇති වීමෙන් ගැටලු රැසකට මුහුණ පා ඇති බවටද මුලතිව් ධීවරයින් වැඩි දුරටත් කියා සිටිති.
මුලතිව් දිස්ත්‍රීක්කයට මේ දින වල බලපා ඇති දැඩි පෑවිල්ල හේතුවෙන් නන්දිකඩාල් කලපුව ඇතුලු කුඩා කලපු සිඳී යාමත් සමග කලපු ආශ්‍රිතව ධීවර කර්මාන්තයේ යෙදුනු ධීවර පවුල් 4800 ක් පමණ දෙනා පීඩාවන්ට පත්ව සිටින බවට එම ධීවරයින් කියාසිටිති. වෙනත් වසර වලට වඩා මෙවර නන්දිකඩාල් කලපුවේ එක් පැත්තක් සම්පූර්ණයෙන්ම සිඳී ගොස් ඇති අතර කලපුවේ ඉතිරි ජල මට්ටමද සීග්‍රෙයන් සිඳී යිමින් පවතින අතරම නන්දිකඩාල් කලපුව අවට පිහිටි කුඩා කලපු කිහිපයක්ද සම්පූරණයෙන්ම සිඳී ගොස් ඇත. පසුගිය දිනයන්හි නන්දිකඩාල් කලපුවේ මසුන් දහස් ගණණක් මිය ගියේද අධික පෑවිල්ලත් සමග කලපුවේ ජලය උණු වීම නිසා බවටද මාළුන් විශාල ප්‍රමාණයක් එකවර මියයාමත් නිසා සිය මත්ස්‍ය කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වූ බවටද එම ධීවරයින් පවසති. කෙසේ වෙතත් පවතින දැඩි නියං තත්වය හේතුවෙන් කලපු ජලය අඩුවීමත් නිසා මසුන් වෙළඳාම අඩුවීම නිසා සිය ආර්ථිකයටද දැඩි බලපෑමක් ඇති වීමෙන් ගැටලු රැසකට මුහුණ පා ඇති බවටද මුලතිව් ධීවරයින් වැඩි දුරටත් කියා සිටිති.
නන්දිකඩාල් කලපුවත් සිඳී යයි…
2017-07-07T08:52:00+05:30
Gossip Lanka Hot News