gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සිම්බාබ්වේ සමග සටනට නවකයෙක්!

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන ඉදිරි තරග දෙකට සහභාගී වීමේ අවස්ථාව වේගපන්දු යවන ක‍්‍රීඩක නුවන් ප‍්‍රදීප්ට අහිමි වී තිබෙනවා.

ඒ, ඊයේ පැවති තුන්වන එක්දින ක‍්‍රිකට් තරගයේ දී ඔහු ආබාධයකට
ලක්වීම හේතුවෙන්. ඊයේ තරගයේ දී නුවන් ප‍්‍රදීප්ට යැවීමට හැකි වූයේ පන්දුවාර 06ක් පමණයි.

ඒ අනුව නුවන් ප‍්‍රදීප් වෙනුවට යොවුන් වේගපන්දු යවන ක‍්‍රීඩක අසිත ප‍්‍රනාන්දු ශ‍්‍රී ලංකා සංචිතයට කැඳ වූ බව කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ සඳහන් කළා. ශ‍්‍රී ලංකා ඒ කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා වයස අවුරුදු 23න් පහළ කණ්ඩායම් නියෝජනය කළ අසිත ප‍්‍රනාන්දු දකුණත් වේග පන්දු යවන්නෙක්.

මේ අතර ඊයේ තරගයේ පන්දු යැවීම සඳහා වැඩි කාලයක් ලබා ගැනීම හේතුවෙන් නායක ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු ශ‍්‍රී ලංකා කණ්ඩායමට අයි සී සීය විසින් දඩ මුදලක් නියම කර තිබෙනවා. ඒ අනුව මැතිව්ස්ට තරග මුදලින් සියයට 20ක දඩයක් සහ සෙසු ක‍්‍රීඩකයින්ට සියයට 10ක දඩයක් පැනවීමටයි තීරණය වී ඇත්තේ.

ශ‍්‍රී ලංකා - සිම්බාබ්වේ සිව්වන එක්දින ක‍්‍රිකට් තරගය සූරියවැව මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේ දී හෙට පැවැත්වෙනවා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka