හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේ ඊයේ පැවති තුන්වන එක්දින තරගයේදී සිය මංගල එක්දින ශතකය ලබාගත් නිරෝෂන් දික්වැල්ලට අපූරු වැඩක් වුණා.
ඒ නිරෝෂන් දික්වැල්ල ලකුණු 99ක් ලබාගෙන සිටියදී තමන් ශතකය ගත් බව සිතා සතුට සැමරුවා.
කොහොමවුනත් අනෙක් පන්දුවාරයේදී නැවතවරක් ඔහුට ප්‍රේක්ෂකාගාරයට ආචාර කරන්න සිදුවුණේ පන්දු 107කින් තම ශතකය සම්පූර්ණ කිරීමත් සමගයි.
මෙලෙස දෙවරක් ශතකයේ සතුට සමරපු සිදුවීම ගැන නිරෝෂන් දික්වැල්ල තරගයෙන් අනතුරුව අදහස් දක්වා තිබුණා.
මේ එම අදහසයි.
“මම ලකුණු 90 ඉඳලා මගේ ලකුණු ගණන් කළා. මම ධනුෂ්කගෙන් ඇහුවා මගේ ලකුණු 99 ද 98ද කියලා. ඔහු කිව්වා 99යි කියලා. මම විශ්වාසයිද කියලා ඇහුවම ඔහු කිව්වේ විශ්වාසයි කියලා. නමුත් මම ඊළඟ ලකුණ ලබාගත්තමත් පොඩි සැකයකින් හිටියේ. කොහොමවුනත් මට ශතකය ලබාගන්න හැකියාව ලැබුණා.
ශතකය දෙවරක්ම සැමරීම ගැන නිරෝෂන් දික්වැල්ල කියපු අපූරු කතාව
2017-07-07T12:38:00+05:30
Gossip Lanka Hot News