"වස විස නැති ධාර්මික ගොවිතැන’ රට පුරා ප්‍රවර්ධනයට වැඩමුළුවක් ජූලි 11 වැනිදා බතලගොඩ වී පර්යේෂණායතනයේ දී පැවැත්වීමට නියමිතය.
ඉදිරියේදී කාබනික ගොවිතැන රටපුරා ප්‍රවර්ධනය කිරීමේදී අනුගමනය කළයුතු ක්‍රමවේද සහ ක්ෂේත්‍ර ආදර්ශන සකස් කිරීම පිළිබදව මෙහිදී සාකච්ඡා කෙරේ.
මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සහභාගිවේ.
ඊට අමතරව කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් බී. විජේරත්න මහතා, ආචාර්ය රොහාන් විජේකෝන් මහතා හා ජනාධිපති කාර්යාලය වෙනුවෙන් උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ සභාපති අශෝක අභයගුණවර්ධන මහතා ද ඒක්වීමට නියමිය.
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව වෙනුවෙන් එහි වැඩබලන කොමසාරිස් ජෙනරාල් ඞී. බී. බන්දුසේන මහතා, වාරි මාර්ග අමාත්‍යාංශයේ ජල කළමනාකරණ අංශය නියෝජනය කරමින් එහි අධ්‍යක්ෂිකා චන්ද්‍රිකා ඇතුගල මහත්මිය, බතලගොඩ වී පර්යේෂණායතනය නියෝජනය කරමින් ආචාර්ය අමිතා බෙන්තොට ඇතුළු රටේ සෑම වී පර්යේෂණ ආයතනයකම ප්‍රධානීන්ද මීට සහභාගි වීමට නියමිත බව පැවසේ.
කාබනික ගොවිතැන ප්‍රවර්ධනයට දුමින්ද බතලගොඩ යයි !
2017-07-08T12:24:00+05:30
Gossip Lanka Hot News