gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සාගරය අපවිත්‍රකරණ රටවල් අතර ලංකාව පහ

මුහුදට අපද්‍රව්‍ය බැහැර කරන රටවල් අතර පස්වන ස්ථානයට ශ්‍රි ලංකාව පත්ව තිබේ.

ලෝක පරිසර විද්‍යාඥයින් කණ්ඩායමක් කළ අධ්‍යයකින් මේ බව තහවුරු
වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අනුව ශ්‍රී ලංකාව වාර්ෂිකව මුහුදට බැහැර කරන කසළ ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 1.6 ක් බව සඳහන් වේ.

මෙම ලැයිස්තුවට අනුව මුහුදට කසළ බැහැර කරන රටවල් අතර පළමු ස්ථානය චීනයට හිමිව තිබේ.

ඔවුන් වාර්ෂිකව මුහුදට බැහැර කරන කසළ ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 8.8 ක් බව වාර්තා වේ.

එහි දෙවන ස්ථානයේ පසුවන ඉන්දුනිසියාව වාර්ෂිකව කසළ මෙට්‍රික් ටොන් මිලියන 3.2 ක් මුහුදට බැහැර කරයි.

එම ලැයිස්තුවේ තෙවන ස්ථානය පිලිපීනයට ත්, සිව්වන ස්ථානය වියට්නාමයට ත් හිමිව තිබේ.

ආසියානු රටවල් මුහුදුට කසළ බැහැර කිරීමට සාපේක්ෂවල යුරෝපීය රටවල් මුහුදට බැහැර කරන කසළ ප්‍රමාණය 1%ටත් වඩා අඩු ප්‍රතිශතයක් බව සඳහන් වේ.

එම ලැයිස්තුවේ විසිවන ස්ථානයේ පසුවන අමෙරිකාව වාර්ෂිකව මුහුදට බැහැර කරන කසළ ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 0.3 ක් වේ.

කෙසේ වෙතත් එම ලැයිස්තුවේ පස්වන ස්ථානයේ පසුවන ශ්‍රි ලංකාවේ අපද්‍රව්‍යවලින් 80% ක් මුහුදට බැහැර වන්නේ මිනිස් ක්‍රියාකාරම් හේතුවෙන් බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කර තිබේ.

එහි සභාපති රෝහණ පෙරේරා මහතා සඳහන් කර ඇති ආකාරයටමේ හේතුවෙන් කඩොලාන සහ කොරල්පර විනාශ විමේ අවදානම ඉහළ ගොස් ඇත.

මෙරට තුළ පවතින සමුද්‍රාසන්න දිස්ත්‍රික්ක ගණණ 14 කි. ඉන් සංචාරකයින් බහුලව පැමිණෙන කොළඹ, ගාල්ල, හම්බන්තොට සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් සයුරට අපද්‍රව්‍ය මුසුවීම වැළැක්වීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.

ඊට අමතරව මීගමුව කලපුවට කසළ බැහැර කිරිම වැළැක්වීම සඳහා දකුණු කොරියාවේ සහාය ලබාගෙන තිබේ.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරයා සඳහන් කර ඇති ආකාරයට ඊට අදාළව දෙවසරක අවබෝධතා ගිවිසුමකට එළැඹ තිබේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka