ඩෙංගු මදුරු කීටයන් අල්ලා රජයට බාරදෙනු ලබන පුද්ගලයන්ට මුදලක් ගෙවීමට සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා යෝජනා කර තිබේ.
ඇමතිවරයා පවසන්නේ ඩෙංගු රෝගය මර්දනය කිරීමේ ක්‍රියාමාර්ගයක් වශයෙන් මෙම යෝජනාව ඉදිරිපත් කල බවයි.
පකිස්තානයටද බලපෑ ඩෙංගු අධි වසංගත තත්වය පාලනය කිරීමට මෙම
උපක‍්‍රමය භාවිත කල අතර ඩෙංගු කීටයන් අල්ලාගෙන එන අයෙකුට රුපියල් 2000ක මුදලක් දුන් බවද ඇමතිවරයා කියයි.
ඩෙංගු කීටයන් ගෙනවිත් දුන් පසු ඩෙංගු මර්දනය ඒකකයන් එම ස්ථානයට ගොස් කීටයන් විනාශ කරන බවද ඔහු වැඩි දුරටත් කියයි.
ඩෙංගු කීටයන් ඇල්ලුවොත් මුදල්..
2017-07-02T16:23:00+05:30
Gossip Lanka Hot News