gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මුස්ලිම් පක්ෂ සන්ධානගත වීමට යයි

මෙරට මුස්ලිම් ප්‍රජාව එක්සත් කිරීමේ අරමුණින් ඉදිරි පළාත් පාලන මැතිවරණය ඇතුළු සියලු මැතිවරණ සඳහා තරග කිරීමට සියලුම මුස්ලිම්

දේශපාලන පක්ෂවල එකතුවෙන් දේශපාලන සන්ධානයක් ගොඩනැඟීමට තීරණය කර තිබේ.

ඒ සඳහා වන සාකච්ඡා මේ වනවිට ආරම්භ කොට ඇති බවත් විශේෂයෙන් මෙරට මුස්ලිම් ප්‍රජාවට සිදුවන ගැටලුවලට සාමූහිකව මුහුණදීමේ අරමුණින් මේ සන්ධානය ගොඩනඟන බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් හසන් අලී මහතා පැවැසීය.

උතුරේ දෙමළ ජනතාව සිය ගැටලුවලට නොබියව මුහුණදෙන්නේ ඔවුන්ගේ එකමුතුකම නිසා බව පෙන්වා දුන් හසන් අලී මහතා, මේ වනවිට මෙරට මුස්ලිම් ප්‍රජාවගේ එවැන්නක් දකින්න නොලැබෙන බවද පෙන්වා දුන්නේය.

මෙවැනි සන්ධානයක් ගොඩනැඟිය යුතු බවට මුස්ලිම් උගතුන් විසින් මුස්ලිම් පක්ෂවලට දැඩි විවේචනයක් එල්ල කරමින් සිටින බවද හෙතෙම පැවසුවේය.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මුස්ලිම් පක්ෂවලට මෙපමණ කලක් සිදුවූයේ මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ බලයට පත්කිරීමට කශේරුවක් වී පසුව දැහැටි දණ්ඩක් ලෙස විසිවී යෑම බවය.

(මව්බිම)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka