gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කන්දෙවිහාරයේ පිංකැට 37 ක් මුද්‍රා තබයි

අලූත්ගම ඓතිහාසික කන්දෙවිහාරයේ ඇති එම විහාරයට පැමිණෙන බැතිමතුන් විසින් පුණ්‍යාධාර දමන ‘පිංකැට’ තිස්හතක් මහාභාරකාර මණ්ඩලය විසින් මුද්‍රා තබා ඇතැයි කන්දෙවිහාරාධිපති කළුතර
දිස්ත්‍රික්කයේ හා බෙන්තර වලල්ලාවිට කෝරලයේ ප්‍රධාන සංඝ නායක ත්‍රිපිටක වාගිහ්වරාචාර්ය පූජ්‍ය බටුවන්හේනේ ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන් පවසනවා.

මේ සිදුවීම පිළිබඳ බුද්ධ සාසන හා අධිකරණ අමාත්‍ය විජේදාස රජපක්‍ෂ හට දැන්වුවද විසදුමක් නොලැබූන බවත් තමන් වහන්සේ ගිලන්ව රෝහල් ගතව ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව විහාරයට වැඩම කිරීමෙන් පසුව මේ පිළිබඳ වගකිව යුත්තන්ගේ අවදානය නැවත යොමුකල බවත් සඳහන් කළා.

ඓතිහාසික කන්දෙවිහාරය දෙස් විදෙස් බෞද්ධ හා අන්‍යාගමිකයින් නොමඳ ගෞරව භක්තියට පත් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රමූඛ විහාරස්ථානයක්.  

ලක්දිව රාජනාමාවලියේ 182 වන රජ ලෙස සැලකෙන වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු රාජ්‍ය විචාරණ සමයෙහි එනම් ක්‍රි: වර්ෂ 1734 දී පමණ වැලිවිට පින්ඩපාතික අසරණ සරණ සරණංකර මාහිමිපාණන් වහන්සේගේ ශිෂානුශිෂ්‍යවර ගලපාත රජමහා විහාරාධිපති උඩුගම ශ්‍රී චන්ද්‍රසාරභිධාන මහා නාහිමියන්ගේ මගපෙන්වීමෙන් ඇරඹි ඓතිහාසික කන්දෙවිහාරය අතීත ඉතිහාසයනක් ඇති විහාරයක්.

ඉපැරණි ඉතිහාසයක් ඇති මෙම විහාරයේ වත්මන් විහාරාධිපති වශයෙන් 1977 සිට මේ දක්වා සුවිශේෂි වූ විහාර සංවර්ධනයක් ඉටුකල බවත් එම සංවර්ධන කටයුතු සිදු කලේ විහාර පිංබිමට පැමිණෙන බැතිමතුන්ගේ පුණ්‍යාධාර මගින් බවත්  කන්දෙවිහාරාධිපති පූජ්‍ය බටුවන්හේනේ ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමිපාණන්  සඳහන් කළා.

එදා මෙදා සිදු නොවූ මෙම විහාරයේ පිංකැට මුද්‍රා තැබීම වත්මන් රජය මගින් සිදුකිරීම පිළිබඳ තමන් වහන්සේ කණගාටු වන බවත් වුන් වහන්සේ ප්‍රකාශ කළා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka