gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සංගීත ලෝකයේ රැවුල්කාරයා අවසන් හුස්ම හෙළයි !

ප්‍රවීණ වාදන ශිල්පී සහ සංගීත අධ්‍යක්ෂකවරයෙකු වන සෝමපාල රත්නායක මහතා අභාවප්‍රාප්ත වී ඇත.

මියයන විට ඒ මහතා 69 වන වියේ පසුවූයේය.

සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහතාගේ කරපිටින් ගිය එකම
සංගීතඥයා ලෙසට ද ඔහු සම්බන්ධයෙන් කේෂත්‍රයේ කතා බහක් තිබේ.

ඒ ඔහු ෆොන්සේකා මහතාගේ උතුමාණනි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කරමින් සිටි සමයේ දිනක් පමණට වඩා සූර්වීම නිසා බවද පැවසේ.

කෙසේවුවද, සෝමපාල මහතා ෆොන්සේකා මහතාගේ නොමියෙන මිනිස්සු චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කර තිබේ.

මේ අතර, රත්නායක මහතා සිය රැවුල කපා ඇත්තේ සිය විවාහ මංගල්‍යට පමණක් බවද පැවසේ.

ඔහු සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මේ සම්බන්ධයෙන් මෙසේ පවසා තිබිණි.

"ඒ කාලේ ආර්.ඒ. චන්ද්‍රසේන මාස්ටර් මට කතා කරන්නේ ‘හෝචිං මිං’ කියලා. රැවුල මගේ ජීවිතයට ලොකු ආභරණයක් වුණා. 1975 සැප්තැම්බර් මාසයේ මම විවාහ වෙන දවසේ විතරයි මං රැවුල කැපුවේ. මුල් කාලයේ යාන්තම් රැවුල මූණේ තිබ්බේ. පසුකාලීනව රැවුල ගැන විශේෂ අවධානයෙන් හිටියේ. මගේ බිරිඳ හැමදාම කියනවා රැවුල කපන්න කියලා. ඒත් රැවුල මගේ ජීවිතය, කලාව, සංගීතය මේ සියලූ දේ එක්ක දැන් බද්ද වෙලා තියෙන්නේ.”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka