gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වෛද්‍ය ඉතිහාසේ ප්‍රථම වරට වෛද්‍ය උපාධි සදහා අවම ප්‍රමිතිය නීති ගත කෙරේ!


වෛද්‍ය ඉතිහාසේ ප්‍රථම වරට වෛද්‍ය උපාධි සදහා අවම ප්‍රමිතිය නීතිගත කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.


මාලඹේ පෞද්ගලික වෛද්‍ය පීඨ විශ්ව විද්‍යාලය ඉදිකිරීමට සැලසුම් කර මෙරට වෛද්‍ය උපාධියේ අවම ප්‍රමිතිය කුමක්දැයි වෛද්‍ය නෙවිල්
ප්‍රනාන්දු මහතා වර්ෂ 2009දී ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් විමසා ඇති නමුත් ඒ සදහා ප්‍රමිතියක් නොමැති බව එවකට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති විශේෂඥ වෛද්‍ය එච්.එස්.ආර්.සමරසිංහ මහතා ලිඛිතව දන්වා ඇතැයි අමාත්‍යවරයා කීවේය.

සයිටම් ආයතනය බිහිවීමත් සමග මෙරට වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක තත්ත්වය පිළිබද වැඩි වශයෙන් අවධානය යොමුවුවද මේ දක්වා එහි නිසි ප්‍රමිතියක් නොමැතිවූ නමුත් ඉදිරියේදී වෛද්‍ය උපාධියේ අවම ප්‍රමිතිය නීතිගත කරන බව මහනුවර මහ රෝහලේ පැවැති උත්සව අවස්ථාවක් සදහා සහභාගීවෙමින් අනතුරුව මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව කිවේය.

මහනුවර මහ රෝහල සදහා රුධිර කාන්දුකරන යන්ත්‍ර හතක් ලබාදීම, විශේෂ ප්‍රතිකාර සදහා ඇදන් හතක වාට්ටුවක් ලබාදීම, හදිසි රුධිර කාන්දුකරණ ඒකකය විවෘත කිරීම, ප්‍රසව හා නාරිවේද ශෛල්‍යාගාරය විවෘත කිරීම හා විවේකාගාරය හා හෙල බොජුන් ආපන ශාලාව විවෘත කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

සායනික පුහුණුව නොමැතිවීම නිසා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ සිසුන් මුහුණදුන් ගැටලුවට ඉදිරියේදී විසදුම් ලබා දෙන බව කී අමාත්‍යවරයා මෙසේ කිවේය.


විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා, සිසුන්ට පුහුණුව ලබා දෙන ලෙස දන්වා සිටියත් වෛද්‍යවරු ඊට එකග නොවුණේ ඔවුන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා යටතේ රාජකාරී කරන නිසයි. ඒ නිසා මම සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය මේ සදහා ලබා ගැනීමට කටයුතු කරනවා. ඔහුගේ නියෝගය මත ඉදිරි සතියේදි අපට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨ සිසුන්ගේ සායනික පුහුණු අර්බුදයට විසදුම් ලබා දිය හැකි වේවි.

ප්‍රමිතියක් නොතිබුණු වෛද්‍ය උපාධිය සදහා ජාත්‍යන්තරය පිළිගන්නා ප්‍රමිතිය ලබාදීමට මට හැකියාව ලැබුණා. එහිදී වෛද්‍ය සභාවේ ඉල්ලීම මත විශ්ව විද්‍යාල වෛද්‍යපීඨ ආචාර්යවරුන්ගේ සංගමය දැනුවත් කිරීම ද අප සිදුකළා.
නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට නව ප්‍රමිතිය ඉදිරිපත් කළ අතර එම දෙපාර්තමේන්තුව මගින් එය මේ වන විට භාෂාත්‍රිත්වයට පරිවර්ථනය කිරීම කරනවා. ඉදිරියේදී වෛද්‍ය උපාධියේ අවම ප්‍රමිතිය ගැසට් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා ඇතුලු එම ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිසක් මෙම උත්සව අවස්ථාව සදහා සහභාගීවී සිටියහ.
සිය සායනික පුහුණුවට විසදුම් ලබාදීමට රජය කටයුතු නොකිරීම විරෝධය පළ කොට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨ සිසුන් අමාත්‍යවරයා පැමිණි මාර්ගයේ රැදී කලු පටි පැළද නිහඩ විරෝධයක නිරතවූහ. උත්සව අවස්ථාවෙන් අනතුරුව සිසු නියෝජිතයන් කිහිපදෙනකු අමාත්‍යරයා සමග සාකච්ඡා කරන ලදී.
නදීක දයා බණ්ඩාර - මහනුවර


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka