gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මුරලිගෙන් කන රත්වෙන උත්තරයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පසුබෑමෙන් ගැලවීම සඳහා ඇති විසඳුම කුමාර සංගක්කාර, මහේල ජයවර්ධන හෝ තමාව කණ්ඩායමට රැගෙන ඒම නොවන බව  මුත්තයියා මුරලිදරන් පවසයි.

ටයිම්ස් ඔෆ් ඉන්දියා සමග අදහස් දක්වමින් මුරලිදරන් සඳහන් කර
ඇත්තේ  කණ්ඩායමේ දක්ෂතා පහත බැස ඇති අතර ඔවුන් එය නිවැරදි කර ගත යුතු බවයි.

තමන් සංගක්කාර හෝ මහේල ගෙන ඒම එයට විසඳුමක් නොවන බව ද ඔහු පෙන්වා දී ඇත.

තමන් විශ්‍රාම ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා එක්ව කටයුතු නොකළ නිසා එම ආයතනය සමග සමීපව කටයුතු කිරීමකින් තොරව ඒ පිළිබඳ කතා කිරීම නිවැරදි දෙයක් නොවන බවද  මුත්තයියා මුරලිදරන් පවසයි.

"අපි කාර්ය බහුල වෙලා ඉන්නේ. සංගක්කාර තවම ක්‍රීඩා කරන අතර මහේල හා මම පුහුණු කිරීම්වල නිරත නිසා කාර්ය බහුලයි." යනුවෙන්ද ඔහු එහිදී සඳහන් කර තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka