gossip lanka

බොන්න සල්ලි නොදීපු නිසා සැමියා බිරිඳට කළ අමානුෂික අපරාධය

අම්පාර, තිරික්කෝවිල්, තඹුළුවිල් ප්‍රදේශයේ දී සැමියා සිය බිරිඳට පොල් ගෙඩියකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

සැමියා අරක්කු බීම සඳහා බිරියගෙන් මුදල් ඉල්ලා තිබෙන අතර ඇය
මුදල් ලබා නොදුන් නිසා ආරවුලක් ඇතිකරගෙන තිබෙනවා.

කෝපයට පත් සැමියා රෙදි සෝදමින් සිටි බිරියට පිටුපසින් පැමිණ පොල් ගෙඩියකින් හිසට පහරදී බිරිය ඝාතනය කර ඇති බවයි වාර්තා වුණේ.

සිද්ධියෙන් මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ තිරික්කෝවිල් ප්‍රදේශයේ පදිංචි විලේතම්බිජෝ සුන්දරි නමැති 38 හැවිරිදි සිවුදරු මවකි.

පෙරේදා (15දා) පෙරවරු 9.30ට පමණ මෙම ඝාතනයෙන් මියගිය කාන්තාවගේ මෘත ශරීරය අම්පාර රෝහලේ තැන්පත් කර ඇති බව සදහන්.
සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ ස්වාමි පුරුෂයා අත්අඩංගුවට ගෙන ඇති අතර තිරික්කෝවිල් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.


gossip lanka