gossip lanka

විල්පත්තුව කැලැවේදී සිදුවූ අහස පොළොව නුහුලන අපරාධය

විල්පත්තුව මායිමේ පදිංචි වී සිටි හේන් ගොවියෙකුගේ බිරිදක් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් විල්පත්තුව කැලැවේදී දූෂණයකල බවට අනුරාධපුර මහාධිකරණය හමුවේ අධි චෝදනා ලැබ සිටි කසිප්පු වෙළෙන්දන් දෙදෙනෙකු එකි චෝදනාවට වරදකරුවන් බව නිගමනය කල උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු
මංජුල තිලකරත්න මහතා ඔවුන් දෙදෙනාට දොලොස් වසරක බරපතල වැඩ සහිත සිරදඩුවමක් නියම කලේය.

මෙසේ සිරදඩුවම් නියමවූයේ නොච්චියාගම පොලිස්බල ප්‍රදේශයේ යාය 18 රාජංගනය ලිපිනයේ පදිංචි අසංග ප්‍රභාත් ආරියදාස හා රන්කොත් පේඩිදූරයලාගේ සමන් යන චූදිතයන්ටයි.

වර්ෂ 2004 අප්‍රේල් මස 28 වන දින හෝ ඊට ආසන්න දිකයකදී යාය 18 රාජංගනය යන ලිපිනයේ පදිංචි තිදරු මවක් බලහත්කාරයෙන් කාරයෙන් පැහැරගෙන ගොස් විල්පත්තුව කැලෑවේදී සමූහ දූෂණයට ලක්කිරීමේ චෝදනාවන් සම්බන්ධයෙන් විත්තිකරුවන් දෙදෙනාට දඩුවම් දඩ සහ වන්දි මුදල් ගෙවිමට නියමවිය.

විවාහක කාන්තාවක් බලහත්කාරයෙන් පැහැරගෙන යාමේ චෝදනාවට විත්තිකරුවන් දෙදෙනාට වෙන් වෙන්ව වසර පහ බැගින් සිර දඩුවම් සමග රුපියල් 5000 දඩයක් නියමකල විනිසුරුවරයා කාන්තාව දූෂණයට ලක් කිරිමේ චෝදනාවට දෙදෙනාට වෙන් වෙන් වශයෙන් තවත් වසර 12ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කලේය.දඩුවමට අමතරව අගතියට පත් කාන්තාවට රුපියල් 75000 ක වන්දි මුදල් ගෙවන ලෙස විනිසුරුවරයා නියමකල අතර වන්දි සහ දඩ මුදල් නොගෙවන්නේ නම් තවත් මාස 15 ක සිරදඩුවමක් නියම කලේය.

චූදිතයන් දෙදෙනා හොදම මිතුරන්වන අතර නොච්චියාගම පොලිස් වසමේ රාජාංගනය යාය 18 ප්‍ර දේශයේ විල්පත්තු වනෝද්‍යානයට මායිමේ හේන් පැලක ජීවිත්වූ කාන්තාව සිටි පැළට පැමිණ සැමියාට පහරදී ඇයව පැහැරගෙන ගොස් විල්පත්තුව කැලෑවේ ගල් පොත්තක් මතදී ඇයව සමූහ දූෂණයට ලක්කර තිබූබව මූලික නඩු විභාගයේදී කියවිණි.

විත්තිකරුවන් දෙදෙනා කාන්තාව දූෂණයට ලක්කර ගල් පොත්ත මතටවී නිදා සිටියදී ඇය ඔවුන්ට නොදැනෙන ආකාරයෙන් කැලෑ මාර්ග ඔස්සේ සාලියවැව පොලිස් වසමේ නීල බැම්ම පොලිස් මුරපොල වෙත පැමිණ සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදි තිබූබවද මූලීක නඩු විභාගයේදී කියවිණි.

මෙම නඩුවේ මූලික සාක්ෂි විභාගය තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණයේදී සිදුකෙරුණු අතර වැඩිදුර නඩු විභාගය අනුරාධපුර මහාධිකරණයට යොමුකර තිබුණි.


gossip lanka