gossip lanka

DIG කෙනෙක්ට ලිංගික අපචාර චෝදනාවක් !

මීට වසර 11කට පමණ පෙර සිදුවූ බව කියන ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් ගාල්ල හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකුට එරෙහි පැමිණිල්ලක් ඉකුත් 15 වැනිදා ගාල්ල පොලිසියට ලැබී ඇත.
අදාළ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයා ගාල්ල කොට්ඨාසභාර පොලිස්
අධිකාරීවරයා ලෙස සේවය කරන අවධියේ සිදු වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මේ පැමිණිල්ල ගාල්ල ගෝනාපිනුවල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි කාන්තාවක් විසින් සිදුකර ඇත.

අදාළ පැමිණිල්ල මෙසේය.

චෝදනාවට ලක්වන නියෝජ්‍ය පොලිස්පතිවරයා ගාල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයා ලෙස සේවය කරන අවධියේ දී ගාල්ල පහළ ඩික්සන් පාරේ පිහිටි පොලිස් අධිකාරී නිල නිවසේ පැවැති දේව කන්නලව්වක් සඳහා තම මව, පියා හා මල්ලිලා දෙදෙනා සමඟ 2006 වර්ෂයේ අවසාන දිනක පැමිණි බවත් එදින එම ස්ථානයේ ඉහළ මාලයේ නිදා සිටියදී අලුයම තම මව කාමරයට පැමිණ අවදි කර බලන විට තම යට ඇඳුම්වල ලේ පැල්ලම් තිබෙනු දැක කලබල වී පරීක්‍ෂා කළ බවත් එම අවස්ථාවේ දී අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැමිණ සිද්ධිය කිසිවකුටත් නොකියන ලෙසත් ඒ සඳහා ලක්‍ෂ 18ක මුදලක් ලබා දෙන බව පැවැසූ බවත් පසුව ගෝනාපීනුවල ප්‍රදේශයේ නිවෙසක් තමන්ට ලබාදුන් බවත් දැනට එහි පදිංචිව සිටින බවත් අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරයා තමාට ලබාදුන් නිවෙස යළි ලබා දෙන ලෙස ඉල්ලමින් තර්ජනය කරන නිසා මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන බව ද පැමිණිල්ලේ සඳහන් කර ඇත.

සිද්ධිය වන අවස්ථාව වන විට ඇයට අවුරුදු 15 මාස 06ක් බවද මේ වන විට තමා බාහිර උපාධිය හදාරමින් සිටින බවද වැඩිදුරටත් එම පැමිණිල්ලේ සඳහන් වෙයි.

කෙසේ නමුත් අදාළ පැමිණිල්ලට අනුව මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති අතර ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ මෙහෙයවයි.

මේ සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන කාරියවසම් මහතා මෙසේ පැවැසීය.

"දැනට වසර 11කට පමණ පෙර සිදුවී ඇති සිද්ධියක් සම්බන්ධයෙන් තමයි මේ පැමිණිල්ල ඇවිත් තියෙන්නේ. ඔය පැමිණිල්ලට අදාළ පොලිස් නිලධාරියා මේ වන විට විශ්‍රාම ගොස් සිටිනවා. පැමිණිල්ලට අදාළව සියලු පරීක්‍ෂණ කටයුතු ගාල්ල පොලිසිය විසින් සිදුකර අවශ්‍ය උපදෙස් පතා අපි මෙය නීතිපති දෙපාර්තමේන්තුවට යවනවා. ඒ ලැබෙන තීන්දුව අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා."

(මව්බිම)


gossip lanka