gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කන්ටේනර පුරවා කළුතරට රා අදියි..

ඇතැම් දේශපාලනඥයින්ගේ මැදිහත්වීම මත වයඹ පළාතේ සිට කලුතර දිස්ත්‍රික්කයේ මත්පැන් නිෂ්පාදනාගාරවලට රැගෙන එන කෘත්‍රීම රා කන්ටේනර වහාම අත්අඩංගුවට ගන්නා ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය සහ බෙිරුවල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවෙි සම සභාපති දොස්තර රාජිත සේනාරත්න මහතා සුරාබදූ දෙපාර්තමෙින්තුවට සහ පොලීසියට නියෝග කරන ලදි.
ඒ බෙිරුවල ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ පැවැති ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු රැස්වීමෙි දීය.

පසුගිය රජය සමයේ කලුතර දිස්ත්‍රික්කයේ සිටි ඇතැම් දේශපාලඥයින්ට එම කෘත්‍රීම රා ප්‍රවාහනය කිරිමට සහයෝගය ලබාදීම වෙනුවෙන් මත්පැන් සමාගම් දිනකට රුපියල් 250,000 මුදල් ගෙවා ඇති බව හෙළිවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය. කිසිවෙකුට බිය නොවී එම කෘත්‍රීම රා ප්‍රවාහන කන්ටේනර අත්අඩංගුවට ගන්නා ලෙස දැනුම් දූන් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම ජාවාරම පිටුපස සිටින පුද්ගලයින් පිළිබදව බුද්ධි අංශ පරීක්ෂණයක් ද ක්‍රියාත්මක බව ප්‍රකාශ කළේය.

මෙම ජාවාරමට පොලීසියේ හෝ සුරාබදූ දෙපාර්තුවෙි නිලධාරින් සම්බන්ධ නම් ඔවුන්ගේ නම් ඉදිරියේ දී හෙළි කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය. තමන් මෙි පිළිබදව කැබිනට් මණ්ඩලය ද දැනුවත් කළ බව හෙතෙම කියා සිටියේය. කලුතර දිස්ත්‍රික්කයේ පොල් රා නිෂ්පාදනය කිරිම සදහා ලියාපදිංචි කර ඇති පොල්ගස් ප්‍රමාණය හා ඉන් ලැබෙන ස්වාභාවික රා නිෂ්පාදන පිළිබදව සමීක්ෂණක් සිදූ කර මීලඟ සම්බන්ධීකරණ රැස්වීමට ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සුරාබදූ නිලධාරින්ට දැනුම් දෙන ලදි.

සම්බන්ධීකරණ කමිටු රැස්වීමට පැමිණ සිටි මහජන නියෝජිතයින් පෙන්වා දූන්නේ බෙිරුවල ආසනයේ නීතිවිරෝධී මත්පැන් සහ මත් ද්‍රව්‍ය වැඩි වී ඇති බැවින් ඊට පිළියම් යෙදිය යුතු බවයි. එහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ කලුතර දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි නීතිවිරෝධී මත්පැන් සහ මත් ද්‍රව්‍ය වැටලීම සදහා නව වැඩපිළිවෙලක් ක¿තර නව ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රන්මල් කොඩිතුවක්කු මහතා විසින් ලබන සතියේ ආරම්භ කරන බවයි.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka