gossip lanka

විදුහල්පති හා අමනාපව ආදි සිසුන් දෙන්නෙක් කළ වැඩක්

බගවන්තලාව පොලිස් වසමට අයත් කැමිපියන් දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ නිල කාමරයේ තිබු පරිගණක උපකරණ වලට අලාභ හානි සිදුකළ එම පාසලේම ආදි සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්‍ෂක කේ.සි. ධර්මප්‍රිය පැවසුවා.

ඉකුත් (22) රාත්‍රි මෙම සිසුන් දෙදෙනා විදුහල්පතිවරයාගේ නිල කාමරයට
ඇතුලූ වී පරිගණක උපකරණ වලට අලාභ හානි සිදුකළ බවට විදුහල්පතිවරයාගෙන් ලද පැමිණීල්ලක් මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සදහා  හැටන් පොලිස් සුනඛ අංශයේ ජොනි සුනඛයාගේ සහයෝගය ලබා ගෙන තිබෙනවා.

පරිගණක උපකරණ වලට අලාභ හානි සිදුකිරිමට උපයෝගි කර ගත් පොල්ලක් ඉව කළ ජොනි සුනඛයා පාසල ආසන්නයේ පිහිටි වතු නිවාස පෙළක් මතට ගොස් සැකකාර සිසුන්දෙදෙනා හදුනා ගත් බවයි බගවන්තලාව පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවේ.

විදුහල්පතිවරයා සමග තිබෙන අමනාපයක් හේතුවෙන් තමන්දෙදෙනා මෙම පරිගණක උපකරණ වලට අලාභ හානි සිදුකළ බවට සැකකරා සිසුන් දෙදෙනා පිළිගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාර සිසුන් දෙදෙනා අවුරුදු දාහතේ පසුවන අය බවත් සිසුන් දෙදෙනා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව බගවන්තලාව පොලිසිය පැවසුවා.


gossip lanka