gossip lanka

සිරිකොත අලියට වෙඩි තැබූ රාළහාමි ගෙදර යයි

සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඉදිරිපස සවි කර තිබූ අලියා සහිත ලාංඡනයට සිය ගිනි අවියෙන් වෙඩි තබා අලාභහානි කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මාස දෙකක පමණ කාලයක් තිස්සේ රක්ෂිත
බන්ධනාගාරගත කර සිටි පොලිස් කොස්තාපල්වරයා රුපියල් ලක්ෂ දෙකක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසට නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා.

ඇපමත මුදා හැරුනේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බව කියන මිරිහාන පොලිසියට අනුයුක්තව සේවයෙහි නියුතුව සිටි පොලිස් කොස්තාපල්වරයෙකි.

මෙම සැකකාර කොස්තාපල්වරයා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කළ නියෝග මත අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ මාස දෙකක පමණ කාලයක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිටි බවත් එකී රෝගී තත්ත්වයෙන් මේ වන විට සුවය ලබා ඇති බවට වෛද්‍ය වාර්තා ලැබී ඇති බවත් එබැවින් මොහු බන්ධනාගාරගතව සිටි කාලයද සැලකිල්ලට ගෙන ඔහුට ඇප ලබාදීම සම්බන්ධයෙන් සලකා බලන ලෙසත් ඉල්ලමින් සැකකාර කොස්තාපල්වරයා වෙනුවෙන් පෙනී සිටි  නීතීඥයින් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව ඇප නියම කෙරුනා.

මෙම වෙඩි තැබීමේ සිද්ධිය ඉකුත් මැයි මස 01 පස්වරුවේදී සිදුකර තිබූ අතර ඉන් කෙටි වේලාවකට පසුව මිරිහාන පොලිසිය මඟින් සැකකාර කොස්තාපල්වරයාව අත්අඩංගුවට ගැනුනා.




gossip lanka