gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මියගිය පොලිස්‌ නිලධාරියාගේ බිරිඳට උසස්වීමක්

යාපනයේදී ප්‍රභූ ආරක්‍ෂක සේවයේ යෙදී සිටියදී නල්ලූර් කෝවිල ආසන්නයේදී වෙඩි වැදී මියගිය පොලිස්‌ නිලධාරි ජී. එම්. සරත් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳගේ සේවය උප පොලිස්‌ පරීක්‍ෂක තනතුර දක්‌වා උසස්‌ කර ළඟම ඇති පල්ලම පොලිසියේ රැකියාව කිරීම සඳහා අවස්‌ථාව උදාකර දීමට පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා කටයුතු කළේය.

සරත් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳ පොලිස්‌ නිලධාරිනියක වශයෙන් සේවය
කර වසර 9 කට කලින් සේවයෙන් ඉවත්ව ඇත.

මේ අතර සරත් ප්‍රේමචන්ද්‍ර මහතාගේ සේවයට ගරු කිරීමක්‌ වශයෙන් ඔහුගේ තනතුරට ද උසස්‌ වීමක්‌ ලබාදීම සිදු කෙරින.

සරත් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දේහය හලාවත කුමාරකට්‌ටුව නිවසේ තැන්පත් කර තිබියදී පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා පැමිණ එම දේහයට අවසන් ගෞරව දැක්‌වීමෙන් අනතුරුව එම පත්වීම්වලට අදාළ ලිපි ප්‍රධානය කළේය.

එම අවස්‌ථාවට පුත්තලම දිස්‌ත්‍රික්‌ පොලිස්‌පති (සහකාර) චම්පික සිරිවර්ධන, හලා/ කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි සුරන්ජිත් කුමාරපේලි හලාවත මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක වසන්ත හේරත් යන මහත්වරු ද එක්‌ වූහ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka