gossip lanka

ගිරුඋල්ලේ මඟුල් ගෙයක් මරණ තුනකින් අවසන් වුණු හැටි

ගිරුඋල්ල අතුරුවෙල ප්‍රදේශයේදී ළිඳකට වැටීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ (26) රාත්‍රී 11 ට පමණ අතුරුවෙල ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවති විවාහ මංගල උත්සවයක් අතර ඊට පැමිණි පුද්ගලයකු උත්සව ශාලා භුමියේ ලෑලිවලින් වසා තිබු ළිඳකට වැටී ඇතැයි සඳහන්.

ඔහු බේරා ගැනීමට තවත් දෙදෙනෙකු කඹයක් සහ ඉනිමගක් ආධාරයෙන්
ළිඳට බැස ඇති අතර ඔවුන් දෙදෙනා ද ලිඳට වැටී ඇති බවයි පොලිසිය කියාසිටියේ.

පසුව උත්සවයට පැමිණි පිරිස දියේ ගිලුනු පුද්ගලයන් 3 දෙනා ගොඩගෙන දඹදෙණිය රෝහලට ඇතුලත් කිරීමේදී ඔවුන් මරණයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 38 / 39 සහ 41 වයස්වල පසුවන තුන්දෙනෙක්.

ඔවුන් අතුරුවල සහ මාරවිට ප්‍රදේශවල පදිංචිකරුවන්.

මෘත ශරීර දඹදෙණිය රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ අද පැවැත්වීමට නියමිතයි.

ගිරිඋල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

gossip lanka