කිරි පාට වතුර බොන පිබිදුනගම වැසියෝ...
ගම්මානයේ බොහෝ දෙනක් වකුගඩු රෝගයෙන් හා ආමාශ රෝග වලින් පෙලෙනවලු...
ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පිබිදුනගම වෙසෙන ජනතාව පිරිසිදු පානීය ජලය නොමැතිව වසර ගණනාවක සිට පිඩාවට පත්ව සිටිනවා .
පවුල් 250ක් පමණ ජනතාව ට පානිය ජලය සපුරා ගනු ලබන්නේ එක ලිඳකිණ් බවයි වාර්තාවුණේ.
එම ලිඳේ ජලය කිරි පැහැගැන්වී කිරිමැටි දියර වැනි ද්‍රාවණයක් ජලය සමග මුසුවී තිබෙනවා .එම වතුර පෙරා මන්ඩි අඩියට මිදීමෙන් පසුවයි ගම්වාසීන් බිමට ගන්නේ.
1982 වසරේ හිටපු ජනපති රණසිංහ පේමදාස විසින් ආරම්භ කල මෙම ගම්මානයේ ජනතාව එදා සිට මේ දක්වා බලධාරීන්ට පවතින ජල ගැටලුව ගැන දැනුම්දුන්නද පලක් නොවූ නිසා මේ ජලය පානය කරන බව ගම්වාසීන් පවසනවා .
ගම්මානයේ වෙනත් ළිං ඇතත් එම ළිං වල ඉතා දරුණු ලෙස කිවුල පවතින බවත් යන්තමට හෝ පානය කරන්නට ඇති එකම ලිඳේ ජලයද මේ තත්වයේ පවතින බව ඔවුන් පෙන්වා දෙනවා.
මේ ගම්මානයේ ලොකු කුඩා බොහෝ දෙනකු දරුණු ලෙස වකුගඩු රෝගයෙන් හා ආමාශ රෝග වලින් පෙලෙන බවත් ගමේ මරණාධාර සමිතියට පවා මියගිය අයට ආධාර ලබාදීමට නොහැකි වී ඇති බවත් පැවසෙනවා.
හිටපු ජනපතිවරයෙක් හදපු ගමකට අද වෙලා තියෙන දේ - Photos
2017-07-10T09:36:00+05:30
Gossip Lanka Hot News