බස් ගාස්‌තු වැඩිවීම සහ ඉන්ධන ගාස්‌තු අඩුවීම හේතුවෙන් දිනකට මගීන් 1500 ක් පමණ පොදු ප්‍රවාහන සේවාවලින් ඉවත් වීමේ ප්‍රවණතාවක් පවතින බව. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විඡේරත්න මහතා පවසයි.
මේ හේතුවෙන් පෞද්ගලික බස් කර්මාන්තය කඩාවැටීමේ අවදානමකට
ලක්‌ව ඇතැයි ද හෙතෙම කීය.
තවදුරටත් කතා කළ ගැමුණු විඡේරත්න මහතා මෙසේද කීය.
“බස් ගාස්‌තු වැඩිවෙන්න වැඩිවෙන්න මගීන් විකල්ප ප්‍රවාහන සේවාවලට යොමුවෙනවා. අපි පසුගියදා මේ ගැන සමීක්‍ෂණයක් කළා. එහිදී අපට අනාවරණය වූ කරුණක් තමයි මේ තිබෙන තත්ත්වයත් සමඟ මගී ජනතාවගෙන් දිනකට 1500 ක් පමණ විකල්ප ප්‍රවාහන සේවා වෙත යොමුවීම. ඒ අතරට යතුරුපැදි, ත්‍රිරෝද රථ අනෙකුත් ප්‍රවාහන සේවා ඇතුළත්. පවතින තත්ත්වය දිගින් දිගටම පැවතුණොත් ලබන වසර වන විට පෞද්ගලික බස් කර්මාන්තය මුළුමණින්ම විනාශ විය හැකියි.
බස් ගාස්තු වැඩි නිසා පුද්ගලික බස් කර්මාන්තය අනතුරේ
2017-07-10T08:56:00+05:30
Gossip Lanka Hot News