මේ වර්ෂයේ ගතවූ කාලය තුළ ඒඞ්ස් රෝගීන් 07 දෙනෙකු හමුවී ඇති බවත් එච්.අයි.වී ආසාධිතයින් 130 දෙනකු පමණ වාර්තා වී ඇති බවත් ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඞ්ස් මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පවසයි.
2016 වර්ෂයේ එච්.අයි.වී ආසාධිතයන් 249ක් සිටි බවත් ලියනගේ මහතා පවසයි.
එච්.අයි.වී ආසාධිතයන්ගෙන් බහුතරයක් පිරිමින් වන බවද ඒ මහතා පවසයි.
ගතවූ වසර පහේ දී ඒඞ්ස් රෝගීන් 273දෙනෙකු වාර්තා වී තිබේ. 2016 වර්ෂයේදී එච්.අයි.වී පරීක්ෂණ ලක්ෂ 10ක් පමණ කළ බවත් මේ වසරේදී එච්.අයි.වී පරීක්ෂණ ලක්ෂ 11ක් පමණ කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා කියයි.
එමෙන්ම බන්ධනාගාර රැඳවියන් එච්.අයි.වී පරීක්ෂණවලට භාජනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් මේ වන විට ආරම්භ කර ඇති බව ද සිසිර මහතා ප්‍රකාශ කරයි.
ගතවූ මාස හයට එච්.අයි.වී. ආසාදිතයන් 130ක් සොයාගනී
2017-07-10T08:37:00+05:30
Gossip Lanka Hot News