gossip lanka

ඉන්දියාවෙන් මිලට ගත් නාවික හමුදාව සතු 'විශාලතම අධිතාක්ෂණික නැවේ' තොරතුරු මෙන්න (PHOTOS)

ඉන්දියාවෙන් මිලට ගත් ශ්‍රී ලංකා නාවික හමුදාව සතු විශාලතම අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව නිල වශයෙන් ඊයේ (22) නාවික හමුදාවට බාර දී තිබෙනවා.


සැහැල්ලු හෙලිකොප්ටර් යානා ගොඩබැස්සවිය හැකි අංගනයකින් ද මෙය
සමන්විත වන අතර එය නිපදවා ඇත්තේ ඉන්දියාවේ ගෝවා නැව් තඨාකාංගනයේදීයි.

අගෝස්තු මස 02 දා එය  අධිකාරියට පත් කිරීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි.

මීටර් 105.7 ක  දිගින් යුතු මෙය පළලින් මීටර් 13.6 කින් යුක්ත වනවා.

නෞකාව පැයට මුහුදු සැතපුම් 24 ක උපරිම වේගයකින් සහ ටොන් 2350 ක ධාරිතාවයකින් සමන්විත අතර නිලධාරීන් 18 දෙනෙකුට සහ නාවිකයින් 100 දෙනෙකුට රාජකාරී කිරීමට හැකියාව පවතිනවා.

gossip lanka