gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඊයේ රෑ වෛද්‍ය පීඨ ශිෂ්‍යයෝ ලිප්ටන් වටරවුමේ කරපු අමුතු වැඩේ - Video


මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට සහ ශිෂ්‍ය මර්දනයට විරෝධය පළ කරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව කොළඹ ලිප්ටන් වටරවුමේ ආරම්භ කළ අඛන්ඩ සත්‍යග්‍රහය තවදුරටත් ක්‍රියාත්මකයි.

ඊයේ කොළඹ විශ්වවිද්‍යාලය අසල සිට පාගමනින් ලිප්ටන් වටරවුමට පැමිණි ඔවුන් එහි අට්ටාලයක් ඉදිකර සත්‍යග්‍රහය ආරම්භ කළා.

ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ වෛද්‍ය පීඨ ශිෂ්‍ය
ක්‍රියාකාරී කමිටුවේ නියෝජිත සුසිත ප්‍රියංකර පෙරේරා කියා සිටියේ මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි සටන ජය ගන්නා තුරු අඛණ්ඩව මෙම සටන දියත් කරන බවයි.

සත්‍යග්‍රහයේ නිරත සිසුන් ගීත ගායනා කරමින් රාත්‍රිය ගත කිරීම ද විශේෂත්වයක් වුණා.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් මෙම සත්‍යග්‍රහය වළක්වාලමින් ඊයේ දිනයේ අධිකරණ නියෝගයක් නිකුත් කර තිබුණද, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකයින් එය ප්‍රතික්ෂේප කළා.

පසුව පොලිස් නිලධාරීන් එය සිසුන් සත්‍යග්‍රහයේ නිරත වන ස්ථානයේ පුවරුවක ප්‍රදර්ශනය සඳහා අලවා ගොස් තිබුණා.

එමෙන්ම වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය ද වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරින්ගේ කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් පැහැර යාමට උත්සාහ දැරීමේ සිද්ධියට සහ ශිෂ්‍ය මර්දනයට විරෝධය පළ කරමින් දිස්ත්‍රික් මට්ටමින් උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

එහි පළමු උද්ඝෝෂණය කළුතරදී හෙට පවත්වන බවයි එහි ලේකම් නීතිඥ ගාමිණී ඒකනායක සදහන් කළේ.

වීඩියෝව පහතින්..


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka