gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මල්ටි ප්ලග් තහනම් වන බව ඔබ දන්නවාද ?

ශ්‍රී ලංකාව තුළ විවිධ වර්ගයේ විදුලි පේනු හා කෙවෙනි (plugs and sockets) භාවිත කිරීම හේතුවෙන් ඇතිවී තිබෙන අනතුරුදායක තත්වයන්ට විසඳුම් ලබාදීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකාව තුළ කොටු හැඩයේ විදුලි පේනු හා කෙවෙනි
පමණක් ප්‍රමිතියක් ලෙස භාවිත කිරීමට නියමිතය. මෙය ජී වර්ගයේ ඇම්පියර් 13 කොටු හැඩයේකූරු සහ සිදුරු සහිත පේනු හා කෙවෙනි ලෙසද හැදින්වේ.

ශ්‍රී ලංකාව තුළ වර්තමානයේදී විදුලි පේනු වර්ග 60කට අධික ප්‍රමාණයක් භාවිතයට ගැනෙන අතර ඇතැම් විට එම පේනු ශ්‍රී ලංකාව තුළ භාවිත වන කෙවෙනි සඳහා සෘජුව සම්බන්ධ කිරීමට නොහැකිය.

එයට විසඳුම් ලෙසින් විදුලි පාරිභෝගිකයන් විවිධ වූ අනාරක්ෂිත ක්‍රම  හරහා විදුලියට සම්බන්ධ කිරිමට කටයුතු කිරීම අනතුරුදායක තත්ත්වයක් බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

විද්‍යුත් උපකරණ හා උවාරණ නිෂ්පාදය කිරීමේදී හා ආනයනය කිරීමේදී මේ වසරේ (2017) අගෝස්තු මාසයේ  සිට ඇම්පියර් 13 කොටු හැඩයේ පේනු හා කෙවෙනි හැරෙන්නට වෙනත් වර්ගවල පේනු හා කෙවෙනි ආනයනය හෝ නිෂ්පාදනය තහනම් වෙයි.

එසේම ඒවා අලෙවි කිරීම 2018 වසරේ අගෝස්තු මාසයේ සිට තහනම් වේ.(මෙය ජංගම දුරකතන විදුලි ආරෝපකයන් සඳහාද අදාළය)

විදුලි දිගු නිෂ්පාදනය කිරීමේදී හා ආනයනය කිරීමේදී ඇම්පියර් 13 කෙවෙනි (පියුස්/පුළුසු සහිත) නිෂ්පාදනය හෝ ආනයනය කිරිම සිදුකළ යුතු අතර 2018 වසරේ අගෝස්තු මාසයේ සිට එසේ නොවන විදුලි දිගු අලෙවිය තහනම් වෙයි.

දැනට භාවිත කරන 5A පේනු හා කෙවෙනි වෙනස් කිරිම අවශ්‍ය නොවන නමුත් යම් දිනක එම කෙවෙනි වෙනස් කිරීමට සිදුවූ විට වෙළඳපොළේ පවතින “6A Max” නම් වූ කෙවෙනි භාවිත කරන ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලි පාරිභෝගිකයන්ට දැනුම්දෙයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka