gossip lanka

ලංකාවට මිස්වුණ කැච් 56 මෙන්න !

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ක්‍රීඩකයන් ටෙස්ට්, එක්දින හා පන්දුවාර විස්සයි - 20 යන තරගවලදී පසුගිය වසර තුළ උඩපන්දු 56ක් අත්හැර ඇති බව වාර්තා වේ.

තරග පරාජයට දුර්වල පන්දු රැකීම හේතුවී ඇති බව මෙව්න විට ක්‍රිකට් විචාරක මතය වන අතර දිගින් දිගටම තරග පරාජයට පත්වීම නිසා
මේවන විට ශ්‍රී ලංකාව එක්දින ශ්‍රේණිගත කිරීම්වල අටවැනි ස්ථානයේද, ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල හත්වැනි ස්ථානයේද පසුවේ.

මීට දශකයකට පෙර ආසියාවේ හොඳම පන්දු රැකීමේ පිල ශ්‍රී ලංකාව සතුවූ බවද විචාරක මතය වේ.

මෙසේ ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීමේ කඩා වැටීමට හේතුව කෙටි කාලයක් තුළ පුහුණුකරුවන් මාරුවීම හා දුර්වල පරිපාලනය බවද ඔවුන්ගේ විශ්වාසයයි.

ගතවූ අවසන් වසර හත තුළ ශ්‍රී ලංකා පිලට ප්‍රධාන පුහුණුකරුවන් දස දෙනෙකු සිට තිබේ.

මේවන විට ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරුව සිටින්නේ ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් හට එක්කරගත් නික් පෝතාස්ය.

එසේම මීට දෙවසරකට පෙර පන්දු රැකීම පුරුදු පුහුණු කිරීමට ලෝකයේ සුපිරිම පන්දු රකින්නා සේ සැලැකූ ජොන්ටි රෝඩ්ස්ගේ සහයද ශ්‍රී ලංකා ක්‍රිකට් ලබාගෙන තිබිණි.

කෙසේවුවද, වසර 2019 පැවැත්වෙන මීළඟ ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරුවා ලෙස එක්කරගත් ග්‍රැම් ෆෝඩ් ශ්‍රී ලංකාව හැරගොස් තිබුණේ පැදුරටත් නොකියාය.

පරිපාලනය හා ඇතිකරගත් ගැටුම් ඔහු එසේ යාමට හේතුවූ බවට මාධ්‍ය වාර්තා කර තිබිණි.

ශ්‍රී ලංකාව ඉන්දියාව සමග ගාල්ලේ පැවැති ඉකුත් ටෙස්ට් තරගයෙන්ද ලකුණු 304ක දැවැන්ත පරාජයක් හිමිකර ගැනීමට ඔවුන්ගේ පන්දු රැකීමේ දුර්වලතා හේතුවූ බව ක්‍රිකට් විචාරක මතය වේ.

ඉන්දීය ආරම්භක පිතිකරු ශිකාර් ධවාන් ලකුණු 31ක් ලබා සිටියදී උඩපන්දුවක් ලබාදුන් අතර එය අසේල ගුණරත්න අතින් මඟ හැරී ගියේය. අසේල එය රැක ගැනීමට දැරූ උත්සාහය අසාර්ථක වූවා පමණක් නොව ඔහුගේ ඇගිල්ලකට ඉන් වූ අබාධය හේතුවෙන් ඔහුට තරගාවලියද අහිමි විය.

කෙසේවුවද, ශිකාර් ඉන්දීය පිලට ලකුණු 190ක් එක් කළේය. දිමුත් කරුණාරත්නද පළමු ඉනිමේ උඩපන්දුවක් අතහැරියේය. ඒ මේ තරගයේදී ඉන්දීයාව වෙනුවෙන් ටෙස්ට් වරම් ලද හරිදික් පාන්ඩ්‍යාගේ උඩ පන්දුවය. එය ඔහු ලබාදුන්නේ ලකුණු 4ක් ලබා සිටියදීය.

ඔහු පසුව ඉන්දීය පිලට අර්ධ ශතකයක් එක් කළ අතර එම අර්ධශතකය ලබාගත්තේ එක් පන්දුවකට එක් ලකුණ බැගින් වන පරිදිය.

මේ උඩ පන්දු දෙකේ අවසියෙන් ඉන්දිය පිල ලකුණු 206ක වාසියක් ලබා ගත්තේය. එසේම ලකුණ 600ක දැවැන්ත ඉලක්යක් පළමු ඉනිමේ සඳහන්කරමින් එම තරගය ජයගෙන තරගාවලිය 1-0ක් ඉදිරියට යාමටද සමත් විය.

ලංකාවෙ පන්දු රකින්නෝ අත්හැරිය උඩපන්දු 56 මෙන්න.


ලංකාවේ හොට්ම නිව්ස් එසැනින් දැන ගන්න පහත ඇති Like Button එක Click කර අපගේ faceBook ජාලයට එකතු වන්න.


gossip lanka