gossip lanka

නුවන් ප්‍රදීප් ගැන විරාත් කෝලි කියපු අමුතු කතාව

ශ්‍රී ලංකාව පහසුවෙන් පරාජය කර දැමුවද ඔවුන් නොසැලකිලිමත් දුර්වල කණ්‌ඩායමක්‌ බව තමන් විශ්වාස නොකරන බවත් අවාසනාවකට සිදුවූ සිදුවීම් කිහිපයක්‌ ඇති බවත් ඉන්දියානු නායක විරාට්‌ කෝලි පවසයි.

"ඇත්තටම මම හිතන්නේ නැහැ ශ්‍රී ලංකාව නොසැලකිලිමත් දුර්වල කණ්‌ඩායමක්‌ කියලා. ඔවුන්ට අවාසනාවන්ත ඉරණම් කිහිපයකට මුහුණ දෙන්න සිදුවුණා. උපුල් තරංග හොඳින් ලකුණු අතර සිටිද්දී දුවද්දී දැවී යැම.
ඒ වගේම ඇන්ජලෝ හොඳ තත්ත්වයකට පත්වෙලා තිබුණ වෙලාවෙදී දැවී යැම වගේ දේවල්. මම හිතන්නේ අපි ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ ඉන්න විට ප්‍රතිවාදීන්ටත් නිතරම පීඩනය දැනෙනවා."

තම කණ්‌ඩායම අංක එකට පත්වූයේ පසුගිය වසර දෙක තුළ නෙළා ගත් අස්‌වැන්නක ප්‍රතිඵලය බවත් විරාට්‌ කෝලි පවසයි., "පසුගිය අවුරුදු දෙකේදී අපි බොහෝ දේවල් සැලසුම් කළා. ඒ කාලයේ හිටපු තරුණ ක්‍රීඩකයන් දැන් ඔවුන්ගේ කුසලතා වර්ධනය කිරීම ගැන පැසසුමකට ලක්‌ විය යුතුයි. ඒක තමයි මගේ කණ්‌ඩායමේ දකින ලොකුම වෙනස."

පළමු තරගය ජය ගත්තද තමන්ගේ කණ්‌ඩායමේ තවත් හදාගත යුතු තැන් ඇති බවද කෝලි පවසයි, "අපිට අපේ සැලැස්‌මවල් දියුණුකර ගන්න තවත් අවශ්‍යයි. පසුගිය පෙබරවාරි මාසයේ සිට අපි ගොඩක්‌ම ක්‍රීඩා කළේ එක්‌දින තරග. ඒ නිසා ටෙස්‌ට්‌ ක්‍රීඩාවේදී තව බොහෝ දේ ඉගෙන ගන්න තියෙනවා."

නුවන් ප්‍රදීප්ගේ පන්දු යෑවීම විශිෂ්ට බවත් ඔහු පළමු ඉනිමේදී පැමිණි සෑම විටකම කඩුල්ලක්‌ දවා ගත් බවත් පවසන විරාට්‌ කෝලි ඉදිරියේදී ශ්‍රී ලංකාවට හොඳ පන්දු යවන්නෙක්‌ බවට පත්වන බවද වැඩිදුරටත් පැවසීය.



ලංකාවේ හොට්ම නිව්ස් එසැනින් දැන ගන්න පහත ඇති Like Button එක Click කර අපගේ faceBook ජාලයට එකතු වන්න.


gossip lanka