gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලාංකිකයින් සිටි නැවක් සයිප්‍රසයේදී අල්ලයි

යුරෝපයට සංක්‍රමණය වෙමින් සිටි ශ්‍රී ලාංකික සරණාගතයින් 21 දෙනෙකු රැගත් නෞකාවක් උතුරු සයිප්‍රස් මුහුදු සීමාවේදී එරට වෙරළ ආරක්ෂක බලකා නිලධාරීන් ගේ බාරයට ගෙන ඇතැයි බ්‍රිතාන්‍යයේ පළවන ‘‘ද ගාඩියන් “ පුවත්පත් වෙබ් අඩවිය වාර්තා කර සිටී.

එම ලාංකික සරණාගතයින් සමඟ අදාළ නෞකාවේ කපිතාන්වරයා සහ
සහ එහි සිටි නව දෙනෙකුගෙන් යුතු  කාර්ය මණ්ඩලයද සයිප්‍රස් ආරක්ෂක අංශ බාරයට ගෙන ඇතැයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ උතුරු සයිප්‍රසයේ ෆාමාගුස්ටා වරාය ආසන්නයේදීය.

මෙලෙස සයිප්‍රස් ආරක්ෂක අංශ බලධාරීන් විසින් සිය බාරයට ගෙන ඇත්තේ ස්විස් ජාතිකයෙකුට අයත් මීටර් 40 ක් දිගැති සී ස්ටාර් නමැති නෞකාවයි. මෙම නෞකාව ජිබුටි රාජ්‍යයේ සිට මධ්‍යධරණී මුහුද හරහා ඉතාලියට අයත් සිසිලි දූපත් හි කැටානියා  වෙරළ තීරය බලා යාත්‍රා කිරීමට නියමිතව තිබූ බවද සඳහන්ය.

එම නෞකාවෙන් ඉතාලිය බලා යාම සඳහා නැවේ සිටි එක් අයෙකු විසින් යුරෝ 10,000  බැගින් නෞකාවට ගෙවූ බවත් සඳහන් වේ.

මෙම ලාංකිකයින් රැගත් නෞකාව සයිප්‍රස් ආරක්ෂක අංශ භාරයට ගෙන ඇත්තේ, නෞකාවේ සිටින ශ්‍රී ලාංකිකයින් 21 දෙනා සංක්‍රමණිකයින් හෝ පුහුණු වන නාවිකයින් ද යන්න පිළිබඳව ගැටලු සහගත තත්ත්වයක් උද්ගතවීම හේතුවෙන් යැයි ගාඩියන් වාර්තාවේ දැක්වේ.

මේ අතර ලාංකිකයින් පිරිස අතරින් සිටි ලාංකිකයින් පස් දෙනෙකු තමන්ට සයිප්‍රසයේ රැකවරණ අවශ්‍ය බව සයිප්‍රස් ආරක්ෂ අංශ බලධාරීන් හමුවේ පවසා ඇත

වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා නෞකා කාර්ය මණ්ඩලය රඳවා ගෙන ඇති අතර නෞකාවේ සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භ කර ඇතැයිද වාර්තා වේ.

අදාළ ශ්‍රී ලාංකිකයින් පිරිස සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරියකුගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳව දැන ගන්නට ලැබුණ ද නිල වශයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව ය.



ලංකාවේ හොට්ම නිව්ස් එසැනින් දැන ගන්න පහත ඇති Like Button එක Click කර අපගේ faceBook ජාලයට එකතු වන්න.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka