gossip lanka

කට්ටියම ඕනේ කිව්ව දඟයා ඉන්දියාවට වැඩේ දෙන්න ගෙන්නයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ලබන 26දා ආරම්භ වන ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා රංගන හේරත්ගේ නායකත්වයෙන් යුත් 15 දෙනකුගෙන් සමන්විත ටෙස්ට් සංචිතය නම් කර තිබේ.

මෙම සංචිතයට ප්‍රථම වරට වමතින් දඟ පන්දු යවන මලින්ද පුෂ්පකුමාර නම් කර තිබේ.
මලින්ද පසුගිය වසර කිහිපයේදීම අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රිකට් තරගවලදී විශිෂ්ට දස්කම් දැක්වූ දඟ පන්දු යවන්නෙකි.

මේ අතර තරගාවලි කිහිපයකින් ඉවත් කර සිටි ධනංජය ද සිල්වා දිනේෂ් චන්දිමාල්ගේ ස්ථානයට නම්කර තිබේ.

නිව්මෝනියාව තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත වී ප්‍රතිකාර ලබන චන්දිමාල් පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා නොකරයි.

ආබාධයකට ලක්වීම නිසා සිම්බාබ්වේ ටෙස්ට් තරගයට ක්‍රීඩා නොකළ වේගපන්දු යවන නුවන් ප්‍රදීප් සුව වීමෙන් පසු සංචිතයට එක්වී තිබේ.

පළමු ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතය

රංගන හේරත් (නායක), උපුල් තරංග, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, අසේල ගුණරත්න, නිරෝෂන් දික්වැල්ල, ධනන්ජය ද සිල්වා, ධනුෂ්ක ගුණතිලක, දිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, මලින්ද පුෂ්පකුමාර, නුවන් ප්‍රදීප්


gossip lanka