gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නාවික හමුදාව අලි මෙහෙයුමක.. මුහුදේ ගිය තවත් අලි දෙදෙනෙක් ගොඩගත් හැටි (Video)

ත්‍රිකුණාමලය, කෙවුලියා තුඩුව මුහුදේ සැඩ පහරට හසුව ගසාගෙන යමින් සිටි වන අලි දෙදෙනෙකු බේරා ගැනීමට නාවික හමුදාව ඊයේ (23) සමත් විය.

ත්‍රිකුණාමලය රවුන්ඩ් දූපත සහ කෙවුලියා තුඩුව අතර මුහුදේ මුර
සංචාරයේ යෙදී සිටි යාත්‍රාවකට මෙම වන අලින් දෙදෙනා නිරීක්ෂණය වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය වනජීවී කාර්යාලයට දැන්වීමෙන් පසුව ඔවුන්ගේ ද සහය ඇතිව නාවික හමුදා නිලධාරීන් වන අලි දෙදෙනා බේරා ගැනීමේ මෙහෙයුම ආරම්භ කර තිබෙනවා. වන අලි දෙදෙනා නිරුපද්‍රිතව රැගෙන ඒමෙන් පසුව කෙවිලියාතුඩුව ප්‍ර දේශයට මුදා හැරීමට නාවික නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

පසුගිය 11 වෙනිදා කොක්කුතුඩුවායි සිට සැතපුම් 8ක් ගැඹුරු මුහුදේ ගසාගෙන යමින් සිටි වන අලියෙකු බේරාගැනීමට නාවික හමුදාව කටයුතු කර තිබුණා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka