gossip lanka

නටන්න බැරි මිනිහට පොළොව ඇදයි


වත්මන් ආණ්ඩුවේ අදූරදර්ශී ප්‍රතිපත්ති හේතුවෙන් ශ්‍රී ලංකාව මේ වන විට ආර්ථික වශයෙන් පරිහානියට පත්ව ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

පානදුර ප්‍රදේශයේ පැවැති නිදහස් කලා සන්ධානයේ සුවද හමුවකට
එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

එමෙන්ම 2015 ජනවාරි 08 වන දින රටේ තිබූ සල්ලිවලට මේ වන විට සිදු වූ දෙයක් නොමැති බවද ඒ මහතා කියා සිටියේය.

මේ වන විට රට ආර්ථික වශයෙන් පහත වැටීමේ වරදද රාජපක්ෂ රෙජිමය වෙත පටවා ඇති බව හිටපු ජනාධිපතිවරයා පැවසීය.

එමෙන්ම වත්මන් ආණ්ඩුවේ වැරදි වසා ගැනීමට පසුගිය ආණ්ඩුවේ නැති වැරදි පෙන්වමින් කටයුතු කරන බවත්, එය නටන්න බැරි මිනිහට පොළොව  ඇදයි වගේ වැඩක් බවත් ඒ මහතා කියා සිටියේය.

එනේම වත්මන් ආණ්ඩුව දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් කටයුතු කරන බවද හිටපු ජනාධිපතිවරයා කියා සිටියේය

කෙසේ වුවුද වර්තමානයේ ජනතාව මේ ආණ්ඩුව පිරිහී ඇති බව පිළිගෙන ඇති බවද ඔහු පැවසීය.

එමෙන්ම  රට තුළ ආර්ථික  වශයෙන් අමාරු යුගයක් නිර්මාණය වූ පසුව සියලුම වැරදි තමන් පිට පටවමින් තමන්ට අත දිගු කරමින් වැරදි වසා ගනිමින් සිටින බවද ඔහු කීය.

එපමණක් නොව බලයට පත්වීමට පෙර ආණ්ඩුව විසින් ලබාදුන් පොරොන්දු ආණ්ඩුව බලයට පත්වන තෙක් පමණක් කට මැද දෙඩවූ ඒවා පමණක් බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.


gossip lanka